අවතැන් කදවුරු වලට දෙන්නන් වාලේ කෑම දෙන්න එපා. මේ වගේ දේවල් දෙනවනම් දෙන්න.

අවතැන් කදවුරු වලට දෙන්නන් වාලේ කෑම දෙන්න එපා. මේ වගේ දේවල් දෙනවනම් දෙන්න.

අවතැන් කදවුරු වලට දෙන්නන් වාලේ කෑම දෙන්න එපා. මේ වගේ දේවල් දෙනවනම් දෙන්න.

🛑බත් දැම්මා කියලා බනින්න එපා පෝස්ට් එක කියවන්න.

🛑ඔයත් කඳවුරු වලට කෑම දෙන්න ඉන්න කෙනෙක්ද? මේක පොඩ්ඩක් කියවලා ශෙයාර් කරන්න. නරක් නොවි පැය ගානක් තියාගන්න පුළුවන් විදිහට කෑම වේල දෙමු.

🛑කැකුළු හාලක් උයන්න. ( කැකුළු බත හොඳට නිවෙන්න තියලා බත් බඳින්න ගන්න. පැය 26 ට වඩා තියාගන්න පුළුවන් )

🛑උයන එලවළු තෝරගනිද්දි කල්පනාකාරි වෙන්න.

🛑 බිත්තර එකතුකරනවා නම් ( බිත්තර බැදලා දෙන්න. ) බිත්තර තම්බලා දෙන්න එපා හේතුව බඩේ කැක්කුම් හැදෙන්න තියන ප්‍රවනතාවය වැඩියි. ලොකු පොඩි භේදයකින් තොරව.

🛑 පරිප්පු උයනවා නම් ( වතුරෙන් උයලා හොඳ තෙම්පරාදුවක් දාන්න.. පැය 24 ට වඩා තියාගන්න පුළුවන්.. වතුර ටික හිදෙන්න තියලා හදාගන්න)

🛑 පොල්සම්බෝල හදනවානම් ( හොඳට තෙම්පරාදු කරලා හදන්න පැය 24 ට වඩා තියාගන්න පුළුවන් )

🛑 අල තෙල්දාලා දෙනවානම් ( අල ගැඹුරු තෙලේ බැදලා අරගෙන හදන්න.. දවසක් උනත් තියාගන්න පුළුවන් )

නරක් නොවි බතට බෙදන්න පුළුවන් දේවල්

🛑 සෝයා තෙම්පරාදු කර වතුරෙන් මිරිසට හින්දෙන්න හදලා

🛑 අඹ මාලුව (වතුරෙන් හදන්න කිරි එකතුකරන්න එපා. කන්න පුළුවන් රසයි)

🛑 ටින් මාලු (සැමන් ගම්මිරිස් රසට හදන්න වේලෙන්න කල්තියාගන්න පුළුවන් )

🛑 චිලිපේස්ට්

🛑 උම්බලකඩ බැදුමක්

🛑 රටකජු බැදුමක්

🛑 පුළුවන් නම් සැර අඩුවෙන් කෑම පැකට් ටිකක් හදලා යවන්න පොඩි දරුවන්ට කන්න සැර අඩු පරිප්පුයි පපඩමක් තිබ්බත් ඇති

🛑 වම්බටු දෙන අයට වම්බටු තෙල්දාලා දෙන්කොට නරක් වෙනවා.. තෙලෙන් බැදලා සෝස් චිලිපේස්ට් දාලා හදලා දෙන්න නරක් වෙන්නෙ නෑ.. ( අඩු වියදමකින් නරක් නොවි තියාගන්න පුළුවන් විදිහ)

200/500 ට ඉව්වත් අපි උයන්නෙ මේ අතරින් තෝරගත්ත කිහිපයක්.. ඉතින් ඒ දේවල් නරක් නොවි තියාගන්න පුළුවන්. ඔයාලා රෑ 12 ට ඉව්වත් පහුවදා දවසම තියාගෙන අවශ්‍ය වෙලාවට කෑම එක දිග ඇරගෙන කන්න පුළුවන්.

හිතෙන්න පුළුවන් ලොකු ප්‍රමාණය කට උයනකොට ඕවා හිත හිත ඉන්න බෑ කියලා. නමුත් අපි උයන කෑම එක පිළුනු වෙලා විසි උනොත්.. සල්ලි දෙන කෙනා වගේම ශ්‍රමයෙන් උයන ඔයාගේ මහන්සියත් අපරාදේ.. කෑමත් අපරාදේ… පුළුවන් තරම් කැකුළු හාලක් නාඩු හාලක් ගන්න බලන්න නරක් වෙන්නෙ නෑ ඒ හාල් ඉව්වම.

කෑම උයන කෙනෙක් විදිහට අත්දැකිම් තියෙන කෙනෙක් විදිහට විතරයි මම මේක ලිව්වේ. පුංචිම හරි අදහසක් ඔයාලට ලැබෙනවානම් සතුටුයි.

පහලින් තියෙන්නෙ එහෙම පැය 26 ට වඩා තියාගත්ත කෑම එකක්.

සමහර තැන්වල කෑම නරක් වෙලා ගොඩක් වෙලාවට උණුවෙන්ම බත් බඳින නිසා.
ඒක මේ වෙලාවේ මහා අපරාධයක්. කාගෙ උනත් සල්ලිනේ

Copied from chandis kitchen

කරුණාකර හැකිතාක් ශෙයා කරන්න කාට හරි උදව්වක් වෙයි
Please share

 

Local Gossip