“දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට…” ඒ ගී හඬ එදා අද මෙන්ම හැමදාමත් ඇසේවි… රටක් ආදරය කළ ඇය දිවි ගමනට සමුදෙයි..

“දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට…” ඒ ගී හඬ එදා අද මෙන්ම හැමදාමත් ඇසේවි… රටක් ආදරය කළ ඇය දිවි ගමනට සමුදෙයි..

 

 

ප්‍රවීණ ගායන වේදිනීයක මෙන්ම ගුවන්විදුලි නිවේදිකාවක වන පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජේෂ්ඨ නිවේදන ශිල්පිණියක සහ ගායනවේදිනියක වු පුණ්‍ය කත්‍රිආරච්චී මහත්මිය ගායනා කල “දෑස වසාගමි ඔබ නොපෙන්නට” ගීතය එදා මෙන්ම අදටත් ඉමහත් ජනප්‍රියතාවයක් දිනාගත් ගීතයක්.

එතුමිය ගැයු ගී අතර “පෙරකිසි දවසක කිසියම් කෙනෙකුට” , “මා ඔබ මුණ ගැසුනු අයුරු” ,”සව් ගේ සත නෙත” සෝමතිලක ජයමහ සමගින් ගැයු “දෙනුවර මින් පසු” එඩ්වඩ් ජයකොඩි සමග ගැයු “බකිණි ගහේ බකිණි මලින්.” ,”සේන වික්‍රමාරච්චී සමග ගැයු “සිතක සතුට නැලවෙන දියරැලි”, එස්.ඩි.එස් ජයසේකර සමග ගැයු “ලන්දේ පැණි මොර” මෙන්ම දෙව්ලොව යනකම් වේදිකා නාට්‍යයට ටයිටස් සී පෙරේරා සමග ගැයු දිව්‍ය “ලෝකේ ලඟයි “යන ගීත ඉතා ජනප්‍රිය ගීත වෙනවා.

එවන් ගී රැසක් සිංහල ගීත කෙතට දායදා කල පුණ්‍ය කත්‍රිආරච්චී මහත්මියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා.

Local Gossip