දිවංගත රංගධර ගාමිණී හෙට්ටිආරච්චි කලාකරුවාණන්ගේ ආදරණීය දියණිය, ප්‍රතිභා හෙට්ටිආරච්චි කියන්නෙ වේදිකාවෙන් බිහිවුණු අති දක්ෂ රංගන ශිල්පිනියක්.
ඇය මේ දවස්වල රංගනයෙන් එහාට ටෙලි අධ්‍යක්ෂණය හදාරමින් ඇති බව ආරංචියි. ඒ සිය සොහොයුරා ශක්ති හෙට්ටිආරච්චිත් එක්ක.
ජීවිතේ කෙතරම් ඉස්සරහට ගියත්, දියණියකට පියා ළඟ නැති අඩුව ජීවිත කාලෙටම දැනෙන එකක්.
‘…මගේ ජීවිතේට අධ්‍යාත්මිකව මඟ පෙන්වූ තාත්තා නැති පාළුව දරාගන්න තවමත් බැහැ.
මා වේදිකාවට පිවිසෙන හා කැමරාවට මුහුණ දෙන හැම මොහොතකම තාත්තාගේ සිනාමුසු රුව පෙනෙනවා.
ඒ ශක්තිය තුළින් ක්ෂේත්‍රයෙත් ගෙදර ජීවිතයේත් ඉදිරි පියවර මනින්න උත්සාහ දරනවා…”
වේදිකාවෙන් ටෙලි තිරයට පිවිසුණු ප්‍රතිභා හෙට්ටිආරච්චි, මනා හැදෑරීමක් සහිතව රංගනයට පිවිසි අතළොස්සක් දෙනා අතර ඉදිරියෙන්ම ඉන්න තාරකාවක් කිව්වොත් හරි. සිය කලා පවුල ඇයට ඊට මහත් රුකුලක් වූවාට සැක නෑ.
” කලාව අපේ ජීවිතේ පැතිකඩක් විතරයි.
තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.
අම්මා පෞද්ගලික විශ්වවිද්‍යාලයක නාට්‍ය හා රංග කලා කථිකාචාර්‍යවරියක ලෙස 30 වසරක් තිස්සේ සේවය කරනවා.
මගේ සොහොයුරා ශක්ති වෙළෙඳ ප්‍රචාරක දැන්වීම් ඉංජිනේරුවෙක්.
එයා කලා අධ්‍යක්ෂවරයෙක් ලෙසද ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධයි.
අපි කලාව හා රැකියාව පටලවාගෙන නැහැ.
මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්‍යවරියක ලෙස සේවය කරනවා.
ඒ අතරෙ තමයි කලාව කරන්නෙ…”ප්‍රතිභා විවාහ වෙලා ඉන්නෙ වෙනුර වල්පිට එක්ක.
ඔහු සෘජුව කලාවට සම්බන්ධ අයෙක් නෙවෙයි. නමුත් ඔහුගෙන් සිය ගමනට මනා සහයෝගයක් ලැබෙන බවයි ඇය කියන්නෙ.
ඒ වගේම ප්‍රතිභා මේ වෙද්දි හුරතල් පුතෙකුගේ වගේම දියණියකගේත් ආදරණීය මවක් ද වෙනවා….
උපුටාගැනීම් : සඳැල්ල