මාස 07 ට , පැමිණිලි 44ක්… යොවුන් වියට ආ නොසිතූ අවදානම.. දැනුවත් නොවුණොත් ඔබේ ආදරණීයයන් අනතුරේ..

මාස 07 ට , පැමිණිලි 44ක්… යොවුන් වියට ආ නොසිතූ අවදානම.. දැනුවත් නොවුණොත් ඔබේ ආදරණීයයන් අනතුරේ..

 

මේවා අහනකොට නම් , රට යන අත ගැන අපිට බයක් හිතෙනවා නේද?

මේ වසරේ ගත වූ පළමු මාස 07 තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එසේම , මේ වසරේ ජනවාරි පළමු වන දින සිට ජුලි මස 31 වන දින දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවද අධිකාරිය සඳහන් කළා.

එම කාලය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ළමුන් සම්බන්ධ පැමිණිලි 5,461ක් ලැබී ඇති අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතට අදාළ පැමිණිලි 4,501ක් සහ පනතට අදාළ නොවන පැමිණිලි 960ක් ඒ අතර වන බව සඳහන්.

මේ වසරේ පළමු මාස 7 තුළ ළමුන් බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 141ක් ලැබී ඇති අතර ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 330ක් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 32ක් ලැබී ඇති බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළා.

අදාළ කාලය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි වන අතර, එම සංඛ්‍යාව 1,126ක් වනවා.

ළමුන් සිගමනේ යෙදීම සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇති අතර, ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් පැමිණිලි 82ක් ලැබී තිබෙනවා.

මේ වසරේ ගත වූ පළමු මාස 7 තුළ ළමයින්ට එරෙහි සයිබර් හිංසන 81ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර, සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 10ක් ලැබී ඇති බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 63ක් ලැබී ඇති අතර ළමා විවාහ තුනක් සහ ගබ්සා කිරීම් එකක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

Local Gossip