නවකවදය නිසා කැම්පස් ගිය චරිත්ට, ආයෙමත් ගෙදර එන්න වුනේ ජීවිතෙත් නැතුව… සබරගමු සරසවිය කැළඹු දුක්බර කතාව මෙන්න…

සබරගමුව කැම්පස් එකේ ටෙක් එකේ සෙකන්ඩ් ඉයර් කොල්ලෙක් සුයිසයිඩ් කරගෙන තියෙනවා කියල මෙ වෙද්දි හැමෝම දන්නවා. පර්සනල් දෙතුන් දෙනෙක් ඒ ගැන කියල තිබ්බ නිසා පොඩ්ඩක් හොයලා බැලුවා. එතකොට දැනගත්ත ටිකක් ලියලා තියන්නම්.

කොල්ලගෙ නම චරිත්. ෆැකල්ටි එකේ කොල්ලො කෙල්ලො කියන විදිහට අහිංසක මනුස්සයෙක්. ඒ කොල්ලව ඊඩ උඩ බැජ් එකෙන් දිගින් දිගටම රැග් වෙලා තියෙනවා. රැග් එකෙ ආතල්ම කෑල්ල තමයි සෙකන්ඩ් ඉයර් අය ජූනියර් බැජ් එක රැග් කරන්නැ. උන් ඒකට විරුද්ධයි. ඒ නිසා ඊට උඩ බැජ් එකෙන් තමයි මෙ රැග් එක පිසිකල් වගෙම මෙන්ටලි විදිහට කරගෙන ගිහින් තියෙන්නෙ.

මෑත කාලීනව අවුරුදු වැකේශන් එකට කලින් මේ කොල්ලව අවස්ථා දෙකකදි හොස්ටල් එක ඇතුලෙ පිසිකලි රැග් වෙලා තියෙනවා. ඒත් ඒක පිටට නොපෙන්වා ඉන්න කොල්ල උත්සහ කලත් සීනියර් බැජ් එකෙන් පොදුවේ හැමෝම ඉන්න තැන්වලදි මෙ කොල්ලව අපහසුතාවයට පත්වෙන විදිහට පෞරුෂය බිඳෙන විඳිහට කතා කරලා බැනල තියෙනවා.

ඒකෙ දිගුව තමයි පෙරේද රෑ. එ කියන්නෙ ටෙක් එකෙ අවුරුදු උත්සවයට කලින් දවසෙ රෑ චරිත් ශෝටක් ඇඳගෙන හොස්ටල් එකෙන් එලියට ඇවිත් තියෙනවා. තව කතාවක් ශෝටක් ඇඳගෙන හොස්ටල් එකෙ එහා රූම් එකට ගිහින් තියෙනවා. ඔය දෙකෙන් මොක උනත් ශෝටක් ගහන් හිටියාය කියල සීනියර් බැජ් එකේ උන් චරිත්ගෙ කලිසම ගලවලා අන් අය ඉස්සරහ රැග් කරල බුලි කරලා තියෙනවා. ඒකෙ ලැජ්ජාව කොයිතරම්ද කියනවනම් මේ කොල්ලා එකදිගට අඬලා එහෙම කරන්න එපා කියල ඉල්ලුවා කියලා අහල පහල හිටපු කීපදෙනෙක් දැකල තියෙනවා කියලත් ආරංචියක් තියෙනවා.

ඊයෙ අවුරුදු උත්සවේදි උනත් චරිත්ගෙ පෙනුම එතරම් ප්‍රියමනාප බවක් පෙනෙන්න තිබිලා නැ. කොහොමහරි චරිත් ඊයේ ගෙදර ගිහින් සුයිසයිඩ් කරගෙන තියෙනවා.

චරිත් සුයිසයිඩ් කරගත්තෙ රැග් එක නිසාද කියලා නිශ්චිතව කියන්න මම දන්නෙ නැ. ඒත් චරිත් සුයිසයිඩ් කරගන්න ඒ රැග් එකෙන් වෙච්ච මානසික බලපෑම සහ බිඳීම අනිවාරෙන් තියෙනවා. ඒක නෑ කියන්න කිසිම කෙනෙක්ට බැ.

මනුස්සයෙක් අවුරුදු 13ක් ස්කෝලෙ ගිහින් ඉගෙනගෙන කැම්පස් එකට එන්නෙ ආත්මගරුත්වය පෞරුෂය ඉතා ඉහල තැනක තියාගෙන. ඒ එන උන්ව කිසිම පෞරුෂයක් නැති, ගංකබර හීනමාන ගති වලින් පෙලෙන ගස් ගෝ|තයො කීප දෙනෙක් එකතුවෙලා රැග් කරාම වෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ.

කොල්ලෙක්ගෙ පෞරුෂය බිඳෙනවා කියන එක ආත්ම ගරුත්වය කෙලෙසෙනවා කියන එක සුලුපටු දෙයක් නෙමෙයි. ඒකට හානි උනාම උන්ට හිතෙම දෙ උන් කරනවා. දැන් තවත් මනුස්සයෙක් ජීවිතයෙන් යන්න ගිහින් තියෙනවා.

රැග් හේතුවෙන් මැරුණු පලවෙනි මනුස්සයා චරිත් නෙමෙයි. ඒ වගේම අවසන් කෙනත් චරිත් නෙමෙයි.

ඊලගට වැදගත්ම කෑල්ල. වර්තමාන ආණ්ඩුව බලයට එන්න කලින් ගෙනාපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අදාලව විශ්ව විද්‍යාල පද්ධතියෙ ඇතුලෙ සිද්ධ වෙන මෙ වගෙ කායික සහ මානසික හිරිහැර නවත්වනවා කියල කිව්වා. ආණ්ඩුව බලයට ඇවිල්ලා දැන් මාස හයකට වැඩියි. තාම ගත්තු ක්‍රියාමාර්ගයක් නම් පේන්න බැ. අඩුම තරමෙ මේ සිද්ධියෙන්වත් ඒ ගැන හොයල බලයි කියල බලාපොරොත්තු වෙනවා.

ඔය කැම්පස් ඇතුලේ රැග් එක මේන්ටේන් කරන්න ශිෂ්‍ය සංවිධානත් සම්බන්ධයි. සමහර ඒව දේශපාලන පක්ෂ එක්ක සෘජුව නඩත්තුවෙන අගුපිල් තමයි. උන් සංවිධාන මට්ටමික් ඔය හිරිකිත ත්‍රාඩ වැඩේ කරනවා. දැන් ආණ්ඩුවට තියෙන්නෙ ඒ වගේ පෞරුෂ හීනමාන උන් ටික හොයලා ඒවට පියවර ගන්න. ඒ වෙනුවට චරිත්ට නිවන් සුව පතලා අත පිහදගන්න හදන්න එපා.

කොහොම උනත් විශ්ව විද්‍යාල පරිපාලනයත් මේක යට ගහන්න හදනවා. එ අස්සෙ කොල්ලා මැරුණෙ සුයිසයිඩ් කරගෙනය කියලා එලියෙ කියන්නෙපා කියල බැජ් වල උන්ට කෙඳිරි ගාන එවුන් ටිකකුත් ඔය කැම්පස් එක ඇතුලෙ ඉන්නවා. අනෙක් අතට හෙට අනිද්දට ඒ කොල්ලට ඩිප්‍රෙශන් තිබ්බා කියල අරෙහෙන් මෙහෙන් ඇහුනත් පුදුම වෙන්න දෙයක් නැ.

අමාරුම නම් පොඩි තොරතුරක් දෙන්නම්. ගිහිල්ලා සීනියර් බැජ් එකේ ඉන්න රැවුල වවලා කොණ්ඩේ වවලා අනෙක් කොල්ලොන්ට කාඩ් දදා යන ගිය අවුරුද්දෙ පන්ති තහනම් වෙච්ච කීප දෙනෙක් ගැන හොයල බලන්න.

Credit – Sasindu Sahan Tharaka

Local Gossip