ප්‍රේමයේ දුක් කඳුළින් තෙත් වූ ඉශි අම්මා ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න…

ප්‍රේමයේ දුක් කඳුළින් තෙත් වූ ඉශි අම්මා ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න…

ආදරයෙන් හිත රිදවා ගත් ‘ඉශි අම්මා’…

දිව්‍යංකා ත්‍රිපාටි දහියා ඉන්දීය ටෙලිවිෂනයේ සිටින ඉතා දක්ශ මෙන්ම ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය රංගයෙන් දායක වු ‘ Yeh Hai Mohabbatin’ (මේ ආදරයයි) මෙරට මෙන්ම ඉන්දියාවේද ඉමහත් ජනාදරයක් ලබා ගැනීමට සමත් විය..

ඒ ටෙලිනාට්‍ය හරහා දිව්‍යංකාට ඇයගේ සැමියාද හිමිවිය ඒ විවේක් දහියා.

නමුත් මේ සියල්ලට ප්‍රථමයෙන් දිව්‍යංකා ආදරයෙන් උමතු වී සිටි බව බොහෝ අය නොදන්නා දෙයක්..

දිව්‍යංකා 2006 වසරේදි රංගයෙන් දායක වු Zee Tv හරහා විකාශනය වු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වු Banno Main Teri Dulhan ටෙලිනාට්‍ය හරහා එහි රංගයෙන් දායක වු ශරද් මල්හොත්‍රා ඇයට හමු වී තිබුනි.

මේ ටෙලිනාට්‍යයේ ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කල අතර ටෙලිනාට්‍ය අතරතුර ශරද් හා දිව්‍යංකා පෙම්වතුන් බවට පත් වී තිබුනි.

නමුත් දෛවයේ සරදමකින් වසර අටකට පසු ශරද් සහ දිව්‍යංකා වෙන් විය.

දිව්‍යංකා ඇය එක් වු වැඩසටනකදී මේ පිළිබදව මෙලෙස අදහස් දැක්විය..

” මම හැමදාම හිතුනා මට ආදරය අවශ්‍යමයි කියලා. ඉතින් ඔහු හමු වු විට මට හිතුනා මට හිමි ආදරය හිමි වුනා කියලා. නමුත් වසර අටකට පසු අපි වෙන් වෙනකොට මට ඒක දරා ගන්න අමාරු වුනා. මම කොච්චර අන්තයට ගියාද කියලා කිව්වොත් මම කවදාවත් විශ්වාස නොකරපු අයුරින් සාස්තර කියන පුද්ගලයන්ව සොයාගෙන ගියා. ඔවුන් සමග මගේ ප්‍රශ්නය කිව්වා වසර අටකට පසු එයාට මාව එපා වුනේ ඇයි කියලා ඇහුවා. අපේ සම්බන්ධයට කවුරු හරි ඇස්වහ කරලාද කියලා ඇහුවා. ඉතින් එයාලා මට එක එක ඒවා කියලා එක එක දේවල් කරන්න දුන්නා. මමත් කලා ඒත් ඉතින් දෛවයේ තීරණය මට වෙනස් කරන්න බැරි වුනා. අන්තිමට මම පරාජය භාර ගත්තා. ඒ වගේම මම මට ආදරය කරන්න පටන් ගත්තා. දැන් මම සතුටින්”

එලෙස ප්‍රේමයෙන් හිත රිදවාගෙන සිටි දිව්‍යංකාට ඇයගේ දෛවයේ හිමිකරු විවේක් හමුවිය. ඔවුන් 2016 වසරේදී විවාහ විය.

  • copied –
World Gossip