ඇයට ඊටත් වඩා වටිනා සම්පතක් මේ ලෝකේ තවත් නැහැ..
අනූෂා දමයන්ති, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ සුන්දර කලාකාරිණියගේ පසුපසින් ඇගේ සෙවනැල්ලක් වගේ ඉන්නේ ඇගේ ආදරණීය අම්මා..
ඔන්න බලන්නකෝ, මේ ලස්සන දවසේ ඇගේ අම්මාව පුදුම කරන්න අනූෂා සූදානම් කරලා තිබුණ ඒ උපන්දින සාදය.. හැම කෙනෙක්ගේම ආදරය දිනාගත්ත අනූෂාගේ මව ඇත්තටම ඇය නිසා ගොඩක් වාසනාවන්තයි..
දුවෙකුගෙන් අම්මා කෙනෙක්ට ලැබෙන්න පුළුවන් මීට වඩා දෙයක් තියනවාද..?
ඔවුන් දෙදෙනාගේ ඒ බැඳීම නැවත වරක් ලස්සනට දුටු ඒ දවසේ අනූෂා මෙන්න මේ වගේ සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..
ආදරණීය මගේ අම්මිගේ උපන්දිනේ..
ඇයගේ උපන්දිනේ දවසේ මගේ එකම ප්‍රාර්ථනය ඇය නිදුක් නිරෝගීව සියක් වසක් කාලයක් මා සමඟ ඉන්න අයට ශක්තිය ධෛර්යය ස්වභාවධර්මයෙන් ලැබේවා කියන ඒ ආශිර්වාදයයි.. ඇයගේ ආදරය ගැන ලියා තබන්නට මට මේ ලෝකේ වචන මදි.. ඇයගේ සෙනෙහස විග්‍රහ කරන්නට මට මේ ලෝකේ වචන මදි.. ඇයි මාව පුංචි කාලේ ඉඳන් බලා ගත්තේ මහ පුදුමාකාර ආදරයකින්.. අන්න ඒ විදියටම තමයි අද මං ඇයව රැක ගන්නේ.. මගේ ජීවිතේ හැම දෙයක්ම මං ඇය වෙනුවෙන් කැප කරන්නට සූදානම්.. පුංචි කාලෙ මගේ උපන්දිනයන් ගන්න ඇය හරි ආසයි.. මාව ලස්සනට බෝනික්කෙක් වගේ අන්දනවා.. ඉතින් කවදාවත් මගේ උපන්දිනයක් මග ඇරියේ නෑ.. ඒ වගේ අද මට එයා බෝනික්කෙක් වගේ.. අද මං එයාගේ උපන්දිනේ සමරන්නේ අම්මා කෙනෙක් දරුවෙක්ගේ දේ දැකලා සතුටු වෙන ඒ හදවතින්මයි.. මට එයා දැන් හරියට මගේ දරුවෙක් වගේ.. මේ වෙනකොට මගේ අම්මට මට පුළුවන් විදියට උපරිමින්ම මං හැමදේම දීලා තියෙනවා.. ඒ වගේම අම්මා කැමතියි කියන හැමදේම ලබාදීලා තියෙනවා.. අම්මට කිසිම දෙයක් අඩුයි කියන්න මම කවදාවත් ඉඩ තිබ්බේ නෑ.. මට ඕන වුණේ හැම මොහොතෙම හැම තප්පරේම මගේ අම්මව සතුටින් තියන්න.. මම ඒ දේ කළා මං හිතන්නේ දරුවෙකුට තියෙන ලොකුම සතුට තමයි අම්මා කෙනෙක්ගේ, දෙමාපියන්ගේ හිත සතුටු කරන එක ඒක මහා ආශිර්වාදයක් මා බලයක්.. අම්මා කෙනෙක්ගේ ආශිර්වාදය කියන්නේ කවදාවත් දරුවෙකුට වරදින්නැති මහා ආශිර්වාදයක්.. මට පොත් ගණන් මගේ අම්මා ගැන ලියන්න පුළුවන් ඒ ආදරේ ගැන ලියන්න පුළුවන්.. ඉතින් මං හැම දරුවෙක්ගෙම ඉල්ලනවා දෙමාපියන්ට හරි ආදරෙන් සලකන්න කවදාවත් එතකොට වරදින්නේ නැහැ.. හැමදාම හරියනවා.. මගේ ජීවිතේ හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම හිටිය මගේ අම්මගේ ශක්තිය මගේ අම්මගේ ආශිර්වාදය මගේ අම්මගේ වෙහෙස මට මගේ ජීවිතේ ආත්ම ගණනාවක්වත් අමතක කරන්න බැරි මහ පුදුමාකාර ආත්මීය බැඳීමක් ඒක.. ඉතින් මං මගේ අම්මට කියාගන්න බැරි තරම් හරි ආදරේ බුදුන්ගේ සරණින් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඇය හැමදාම රැජිණක් වගේ ඇය බබලන්න ඕනේ හරියට ඉරක් වගේ හඳක් වගේ ඇයි මුළු ලෝකයටම ආලෝකය ගැන මහා රැජිනක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. උප උපන් සංසාරයේ ඇය මගේම අම්මා වෙන්න ඕනේ.