ලස්සන කරපු ලක්ෂ හැත්තෑව , නඩත්තුවට වියදම් කළා නම්.. පහළොවක් අද ජීවත් වෙනවා… ඇල්ලේ පෙරළුණු බසයේ ඇත්තම කැරැට්ටුව…

ලස්සන කරපු ලක්ෂ හැත්තෑව , නඩත්තුවට වියදම් කළා නම්.. පහළොවක් අද ජීවත් වෙනවා… ඇල්ලේ පෙරළුණු බසයේ ඇත්තම කැරැට්ටුව…

 

මේ කතාව අහන අහන වාරයක් පාසා ඇසට කඳුළු නැගෙනවා නේද?

පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු විසින් මුදල් වැය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් (12) සඳහන් කර තිබෙනවා.

බස් රථ අනතුරේ විමර්ශණ කටයුතු සදහා තමන්ද සහභාගි වූ බවත්, එහිදි බස් රථයේ අයිතිකරු සමග සාකච්ඡා කිරිමේදී බස් රථය ලක්ෂ 55කට මිලදී ගෙන බස් රථයේ මෝස්තර සදහා රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වැය කළ බවත් පවසා තිබෙනවා.

එමෙන්ම විනෝද චාරිකා සදහා යන පිරිස් වලින් මෝස්තර බස් රථවලට විශාල ඉල්ලුමක් පවතින නිසා තමන් එවැනි විශාල මුදලක් වැය කර බස් රථය විනෝද චාරිකා සදහා මෝස්තර යොදා බස් රථය අලංකාර කල බවද අයිතිකරු විසින් පැවසූ බවද ජාලිය බණ්ඩාර සඳහන් කළා.

බස් රථයේ මෝස්තර සදහා විශාල මුදලක් වැය කර තිබුණද බස් රථයේ නිසි ලෙස නඩත්තු නොකර තිබූ බවට පරික්ෂණවලදී අනාවරණය වූ බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ පසුපස හබ් කොටසේ කාලයක් තිස්සේ ග්‍රීස් කාන්දුවක් තිබී ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වූ බව සඳහන්.

අධික බෑවුම් සහිත මාර්ගවල තිරිංග පද්ධතිය එක දිගට ක්‍රියාත්මක කරමින් වාහන ධාවනය කිරීමේදි වාහන වල රෝදවල ඩ්‍රම් කොටස රත් වීම නිසා තිරිංග පද්ධතිය අක්‍රීය වන බවද සඳහන්.

සංචාරයක් සදහා යෑමට ප්‍රථම තමන් තෝරා ගන්නා වාහනය ආරක්ෂාව පිලිබදව විශේෂ අවධානය යොමු කර එම වාහනය නිසි ලෙස නඩත්තු කර තිබේද සහ එම වාහනයේ රියදුරාගේ පළ පුරුද්ද පිලිබදව විශේෂ අවධානය යොමු කරන ලෙසන් නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා සංචාරයන් සදහා යෑමට අදහස් කරන පිරිසගෙන් ඉල්ලා සිටියා.

Local Gossip