ඔයාටත් දියවැඩියාව නම්, මෙන්න විශ්මිතපානයක්… මේවා ගෙදර වත්තෙන් හොයා ගන්නත් පුළුවන්….

ඔයාටත් දියවැඩියාව නම්, මෙන්න විශ්මිතපානයක්… මේවා ගෙදර වත්තෙන් හොයා ගන්නත් පුළුවන්….

අතීතයේ දියවැඩියාව හැඳින්වූයේ ධනවතුන්ගේ රෝගයක් ලෙසිනි. ඉන් අදහස් වූයේ ගොවි කම්කරු ප්‍රජාව අතර දියවැඩියාව සුලබ නොවන බවය. එහෙත් අද වන විට දියවැඩියාව සියලු පුද්ගල මායිම් සිඳ බිඳ දමා අවසානය.
එය දැන් දුප්පත් ‍පොහොසත් බේද පමණක් නොව බාල, තරුණ, මහලු ආදී වයස් සීමාවන්ද පරදා අංක එකේ බෝ නොවන රෝගය බවට පත්ව ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දියවැඩියාව ජයගත නොහැකි වූ තැන අද බොහෝ දෙනෙකු ඊට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සහන සොයති. මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව ජයගන්නේ කෙසේද? යන්න පිළිබඳව නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග කරන ලද සාකච්ඡාවකි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව මධුමේහය ලෙසින් හඳුන්වා දෙයි. කපජ ප්‍රමේහ දහයක්ද වාතජ ප්‍රමේහ හයක්ද පිත්තජ ප්‍රමේහය හතරක්ද මුල් කරගෙන මධුමේහය වැළඳෙන බව ආයුර්වේද මුල ග්‍රන්ථවල විග්‍රහ කෙරේ. මින් කපජ ප්‍රමේහයන් මුල් කර ඇතිවන දියවැඩියාව ප්‍රතිකාර මගින් සුවකළ හැකිවන අතර වාතජ, පිත්තජ, ප්‍රමේහයන්, මුල් කර වැළඳෙන දියවැඩියාව, පාලනය කිරීම පමණක් කළ හැකි වෙයි.

ආයුර්වේද විග්‍රහයට අනුව මධුමේහය වැළඳීමට ප්‍රධාන කරුණු අතර ආහාරමය කරුණු වලට මුල් තැනක් හිමි වෙයි. ඒ අනුව සමතුලිත නොවන ආහාර ගැනීම අධිකව ආහාර ගැනීම නිතර ආහාර ගැනීම මෙන්ම තන්තු කොටස් අඩු ආහාර ගැනීමද මධුමේහයට හේතුවන බව ආයුර්වේද විග්‍රහයේ සඳහන්ය.

අපගේ වැරදි විහරණයන්ද මධුමේහය වැළඳීම කඩිනම් කරයි. අකල්හි නින්ද ලැබිම, සීමාව ඉක්මවා ගිය මානසික ආතතිය වැනි කරුණු රැසක් මේ ගණයට වැටේ. දියවැඩියාවට ප්‍රතිකාර ලබන රෝගීන් තම ප්‍රතිකාර සමග වැරදි විහරණ සහ ආහාර රටාවන්ගෙන් බැහැරවීමද යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට බොහෝ සේ ඉවහල් වෙයි. ඒ අතරට දියවැඩියාව හෙවත් මධුමේහය පාලනය කරනු වස් එදිනෙදා ආහාර පාන ගත හැකි ශාකමය ද්‍රව්‍ය කිහිපයක් වෙයි.

මෙකී ශාක කොටස් අතර වඩාත් ජනප්‍රිය විශේෂ ලෙස තෙබු, කෝවක්කා, මස් බැද්ද වැනි ශාක දැක්විය හැක. එහෙත් මෙවැනි ශාක ආහාරයට ගැනීම පිළිබඳ සමාජයේ විවිධාකාර ගැටලු පැන නැගී ඇත. ඉන් පළමු වැන්න වනුයේ දියවැඩියාව නැතහොත් මධුමේහය වැළඳී නැති පුද්ගලයන්ට මෙවැනි ආහාර නොසුදුසු බවයි. එහෙත් සැබෑව නම් සාමාන්‍ය පුද්ගලයෙකු වුව මෙම වර්ග ආහාරයට ගැනීම කියන තරම් ගැටලු ඇති නොකිරීමය. මෙම ද්‍රව්‍ය ආහාරයට ගැනීම මගින් යම් මට්ටමකට ශරීරයේ සීනි මට්ටම පාලනය වීමක් සිදු වුවද නිරෝගි පුද්ගලයෙකු රෝගී කරන්නට එය හේතු නොවේ.

නමුත් මෙම ද්‍රව්‍ය ආහාර ලෙස අප ගන්නා ආකාරය ඉතා වැදගත්ය. ඒ එකම ද්‍රව්‍ය එකම ආකාරයෙන් දිගු කලක් ආහාරයට ගැනීම සුදුසු නැත. උදාහරණයක් ලෙස ඔබ අද තෙබු කොළ මැල්ලුම ආහාරයට ගත්තේ නම් හෙට එය කැඳක් හෝ සම්බෝලයක් ලෙස ගත හැක. කෝවක්කාද එසේමය. විවිධාකාරයෙන් එකම දේ ආහාරයට ගැනීම මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් හොඳින් පවත්වාගෙන යා හැක. එමෙන්ම මේ සියලු දේ සලාද ලෙස ආහාරයට ගැනීමද ඉතා හොඳ ක්‍රමයකි.

දියවැඩියා රෝගීන් බහුතරයක් අතර ඉතා ජනප්‍රිය අත් බෙහෙතක් ලෙස කරවිල දැක්විය හැක. ඇතැම්හු කරවිල කොටා ඉස්ම බිමට පුරුදුව සිටිති. එහෙත් මෙය කිසිසේත් අනුමත කළ හැක්කක් නොවේ. එබැවින් කරවිල කිසියම් ආකාරයකින් සංස්කරණය කර ආහාරයට ගැනීම වඩාත් ඵලදායකය.

කරවිල ඇටද දියවැඩියාවට ඉතා ප්‍රයෝජනවත් ඖෂධයකි. විශේෂයෙන්ම ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා දියවැඩියාව පමණක් නොව පිළිකාවලට පවා ඔසුවක් ලෙස කරවිල ඇට යොදා ගැනෙයි. දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස කරවිල කරල් සහ ඇට යොදාගැනීම බහුලව දැකගත හැකි වුවත් කරවිල කොළ සම්බන්ධව අප උනන්දුවක් නොදක්වන තරම්ය. එහෙත් කරවිල වැලක කොළ දියවැඩියා රෝගීන්ට වඩාත් ප්‍රයෝජනවත් කොටස ලෙස දැක්විය හැක. අවාසනාවකට මෙන් අප සමාජය තුළ කරවිල කොළ ආහාරයට ගැනීමක් දක්නට නැති තරම්ය.

කරවිල කොළ ඔබට කිහිප ආකාරයකින් ආහාරයට ගැනීමේ හැකියාව ඇත. ඉන් එක ක්‍රමයක් ලෙස කලවම් සලාදයකට කරවිල කොළ එක් කිරීම දැක්විය හැක. එමෙන්ම කරවිල කොළමැල්ලුමද දියවැඩියාව රෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් ආහාරයකි. ලෝකයේ බොහෝ රටවල් කරවිල කොළ කුඩු කර (කැප්සියුල්) ලෙස සකසා පානය කරනු දැකිය හැක. ශ්‍රී ලංකාවේ කරවිල කොළ කැප්සියුල් දැකගැනීමට නැති මුත් ඔබට ඉතා පහසුවෙන් ඒවා තේ ලෙස පානය කිරීමට සකසාගත හැක.

ඒ සඳහා හොඳින් වැඩුණ කරවිල කොළ අවශ්‍ය පමණට තෝරා ගෙන ඒවා හොඳින් පිරිසිදු කර පවනේ වේලා ගත යුතුය. කරවිල කොළ එතරම් විශාල පත්‍ර විශේෂයක් නොවන නිසා පහසුවෙන් විජලනය වී වේලීම සිදුවෙයි. අනතුරුව කැමති ආකාරයෙන් කුඩුකර උණුවතුරට මුසුකර තේ වෙනුවට පානය කළ හැක. දිනකට මෙවැනි තේ කෝප්ප දෙක තුනක් පාවිච්චි කිරීම මගින් ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය පැහැදිලි ලෙසම පහත දමා ගත හැක.

කරවිල කොළවල Polypeptider නම් ස්වාභාවික ඉන්සියුලින් විශේෂය අඩංගු වන අතර එය ඔබේ රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ දැමීමට සමත් වෙයි. එපමණක්ද නොව කරවිල පත්‍රවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ වෙනත් සංඝටක නිසා අග්න්‍යාශයේ ‍සෛල ප්‍රකෘතිමත් කිරීම සිදුවෙයි. එමගින් අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යෑම සිදුවන අතර එම තත්ත්වය ඔබේ ශරීරයේ ස්වාභාවික ඉන්සියුලින් මට්ටම ඉහළ දැමීමට සමත් වෙයි. මේ සියලු කරුණු සලකා බලන කල දියවැඩියාව නොහොත් මධුමේහයෙන් නොපෙළෙන අයකුට පවා කරවිල පත්‍ර තේ ලෙසින් පානය කිරීම වැඩදායි වේ. ඒ එමගින් අග්න්‍යාශයේ සහ සිරුරේ සෙසු සෛල ප්‍රකෘතිමත් කරන බැවිනි.
Countdown Timer
52 seconds remaining

Comments

Popular posts from this blog
ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා… හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…
July 22, 2025
Image
නිවසේ බිත්තියක හෝ සිවිලිමක හූනෙකු දකින විට, සමහරවිට ඔබට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. නමුත් මේ පොඩි සතා ඔබේ නිවසට මොනතරම් සේවයක් ගෙන දෙනවාද කියා ඔබ දන්නවාද? ඇත්තටම, හූනා ඔබේ නිවසේ නොපෙනෙන ආරක්ෂකයෙක්.. 1. ස්වභාවික පළිබෝධ පාලකයෙකි හූනන් කියන්නේ පුංචි කෘමිනාශක යන්ත් ‍ රයක්. ඔවුන් රාත් ‍ රියේදී නිශ්ශබ්දව දඩයම් කරන්නෙක්.. * මදුරුවන් * මැස්සන් * කැරපොත්තන් (Cockroaches) * කුහුඹුවන් * සලබයන් * ගුල්ලන් (Termites) වැනි කරදරකාරී කෘමීන්ව දඩයම්කරයි. හානිකර රසායනික ද් ‍ රව් ‍ ය හෝ මිල අධික කෘමි විකර්ෂක වෙනුවට, හූනෙකු සිටීම පරිසර හිතකාමී, නොමිලේ ලැබෙන පළිබෝධ පාලන ක් ‍ රමයක්. 2. මිනිසුන්ට සම්පූර්ණයෙන්ම හානිකර නොවේ ඔවුන්ගේ පෙනුම සමහරවිට බිය ගෙන දිය හැකි වුවත්, හූනන් මිනිසුන්ට කිසිදු හානියක් කරන්නේ නැහැ. ඔවුන් සපා කන්නේ නැහැ, විෂ සහිත නැහැ, සාමාන් ‍ යයෙන් මිනිසුන්ගෙන් ඈත් වෙලා තමයි ඉන්නේ. ඔවුන් කරන්නේ කෘමීන් අල්ලාගෙන තම පාඩුවේ ජීවත් වීම පමණයි. 3. සංස්කෘතික හා ආධ් ‍ යාත්මික වැදගත්කම ලෝකයේ බොහෝ සංස්කෘතීන් මෙන්ම, ශ් ‍ රී ලංකාව තුළ ද හූනන් සම්බන්ධයෙන් විවිධ විශ්වාසයන් හා අදහස් …
Read more
වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්
July 03, 2025
Image
ජීවත් වෙනවා කියලා කියන්නේ ආස දේවල් කාලා බීලා විනෝදයෙන් ජීවිතය ගත කරන එක කියලා තමයි බොහෝ දෙනෙක් සිතන්නේ. ඒ නිසාම ඉවක් බවක් නැතිව කටට රසට ආහාර එහෙමත් අරගන්නවා. ජීවන රටාවත් වින්දනය පිණිසම සකසා ගන්නවා. නමුත් අපේ වැරැදි ආහාර පුරුදු සහ ජීවන රටාවේ යම් ගැටලු හේතු කරගෙන විවිධ රෝග තත්ත්වයන් ඇති වුණාම ඒවායින් විඳවන්නට සිද්ධ වුණාම තමයි අපි අපේ ශරීර සෞඛ්ය ගැන ටිකක් හිතන්නට පටන් ගන්නේ. ඉතින් අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ ඒ වගේ කට පරෙස්සම් නැතිකමත් අයහපත් චර්‍යා රටාවත් නිසා වැඩි දෙනෙක් විඳවන අක්මාවේ තෙල් තැන්පත් වීම සම්බන්ධව. අක්මාව ආශ්‍රිත බොහොමයක් රෝග අතරින් අද වෙද්දි වයස් භේදයක් නැතිව බොහෝ දෙනෙක් පීඩා විඳින ගැටලුවක් බවට මෙය පත්වෙලා. අපේ ශරීරයේ තියෙන දෙවන විශාලතම ඉන්ද්‍රිය අක්මාව. මේ අක්මාවෙන් කරන කාර්යභාරය හරිම සුවිශේෂීයි. එන්සයිම නිෂ්පාදනය, ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිෂ්පාදනය, ශරීරයේ විෂ හරණය, රුධිරාණු බිඳ වැටුණු ඇතැම් අවස්ථාවලදී රුධිරය නිෂ්පාදනය ආදී කාර්යභාරයක් බොහොමයක්ම අක්මාව මගින් සිදුකරනවා. ඒ නිසා අක්මාව ලෙඩ වෙනවා කියන්නේ අපේ ජීවිතයට විශාල තර්ජනයක්. අක්මාවේ තෙල…
Read more
අක්මාවේ තෙල් ඇති වීම වළක්වා ඔබ සුවපත් කරන පුරාණ හෙළ ප්‍රතිකාරයක්
July 18, 2025
Image
අක්මාව කියන්නේ අපේ ශරීරයේ වැදගත්ම අවයවයකට… ඉතිං කතා කරමු අක්මාව ලෙඩ නොවී තියා ගන්න ක්‍රමයක් ගැන… අක්මාවේ තෙල් ඇති වීමේ රෝගය හෙවත් බටහිර ක්‍රමයට හඳුන්වන ‘ෆැටි ලිවර් (Fatty liver) තත්ත්වයට පත් අය අද බහුලයි. බොහෝ අය තමන්ට එම රෝගය තියෙන බව දැන ගන්නෙත් රෝගය බොහෝ වැඩි දියුණු වූ පසුවයි. නමුත් ආයුර්වේද ක්‍රමයට අනුව ආහාරපාන, ඇවතුම් පැවැතුම් කළේ නම් ඔබට කවදාවත් එවැනි රෝගයක් හැදෙන්නේ නැහැ. හැදුණත් එය මුලින්ම ඉවත් කර දමන ප්‍රබල ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේද සතුයි. දේශීය වෙදකමෙත් ඒක එහෙමයි. එහෙම නම් ඔබ දැනුවත් වෙලා ඉන්න ඕනෑ මොකක්ද මේ අක්මාවේ තෙල් තැන්පත් වෙන ‘ෆැටි ලිවර්’ කියන රෝගය කියලා. මෙය ඇති වන්නේ වයස අවුරුදු 45 ඉක්මවූ පිරිමි – ගැහැනු යන දෙපාර්ශ්වයටමයි. එනමුත් ඊට අඩු වයස් කාණ්ඩවල අයටත් සමහර විට කුඩා අතදරුවන්ටත් මෙය බලපාන අවස්ථා මෙය දැකලා තියෙන තත්ත්වයක්. මෙය ඇත්තෙන්ම බෝ නොවන රෝගයක්. තෙල් ගතිය වැඩි වීම නිසා ඍජුවම රෝගියාගේ අක්මාවේ ක්‍රියාකාරිත්වයේ බිඳවැටීමකට එය බලපානවා. අක්මාව කියන්නේ ජීර්ණ ක්‍රියාවලියේ ප්‍රධානම අවයවයක් වන නිසාත් එය අඩපණ වුණොත් එය බරපතළ කාරණාවක්. අනෙක අක්මාව කියන්න…

Uncategorized