හෙළ සිනමාවේ නිලි රැජිනිය. ඔබ අප නොදත් කතාවක් මෙන්න

හෙළ සිනමාවේ නිලි රැජිනිය. ඔබ අප නොදත් කතාවක් මෙන්න

ඇය ලාංකික ප්‍රේක්ෂකාගාරයේ ස්නේහයේ නිදානයයි..

“සිංහල සිනමාවේ නිලි රැජින” වන්නිආරච්චිලාගේ මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා, 1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපත ලබනවා.. දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන්..

ඉන් පසු දශක ගණනාවක් පුරාවට හෙළ සිනමාව අතික්‍රමණය කරමින් සදා අමරණීය රංගනයකට පණ පෙවූ ඇය නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ, ආකාස කුසුම් වැනි යුග යුග නියෝජනය කරන විත්‍රපට ගණනාවක්, සිය රංගන ප්‍රතිභාවෙන් ආලෝකමත් කරන්නට වරම් ලැබුණා..

ඇගේ සිනමා ගමන ආරම්භයෙන් පසුව විවිධ හැරවුම් ලක්ෂ ගණනාවක් මාලනියගේ සිනමා දිවිය වර්ණවත් කරන්නට සමත් වුණා..

මාලනි නම් රංග මූලාශ්‍රය හදාරන්නෙකුට හමුවන සුවිශේෂත්වයක් වන්නේ ඇය තම පළමු සිනමා පටයේ සිටම සිය ප්‍රතිභාව නිසි ලෙස ආදුනිකත්වයට බැහැරින් ස්ථානගත කළ නිළියක් වන නිසාවෙන්…

එතැන් සිට අද දක්වා අඩ සියවසක ඇයගේ රංග රටාව චිත්‍රපට 150 ක් ඔස්සේ විවරණය කළ අතර සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන 70, 80 දශකයේ මාලනි ෆොන්සේකා නිලි රුජින ලෙස කිරුලු පැලදියා…

1980 වසරේදී හිගන කොල්ලා, 1982 වසරේදී ආරාධනා, 1983 වසරේදී යස ඉසුරු යන චිත්‍රපටවල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයට ද පාත්‍ර වූ අතර 2010 වසරේදී ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙකු බවට ද මාලනී ෆොන්සේකා ඇමරිකානු සීඑන්එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබුවා… දේශීය සිනමාවට චින්තා මාණික්‍යක් වෙමින් මෙරට සිනමා නාමය පළමු වරට අන්තර් ජාතික සම්මාන උළෙලක රංගනය වෙනුවෙන් අභිසෙස් ලද පළමු නිළිය ද වන්නේ ඇයයි… ඊට අමතරව ඇය දෙමළ, තෙළිගු සහ ඉංග්‍රීසි චිත්‍රපට කිහිපයකට ද සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.. ඇය 1978 වසරේදී පයිලට් ප්‍රේමනාත් නැමති දමිළ චිත්‍රපටයේ රංගන ශිල්පී සිවාජි ගනේෂන්ගේ පෙම්වතිය ලෙස රංගනයේ යෙදුනු අතර භාරත නිළි රැජින ශ්‍රී දේවිගේ මව ලෙස ද රංගනයෙන් එක් ව තිබුණා…

ඇයගේ සාර්ථකම චිත්‍රපට ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය, අමරනාත් ජයතිලක ගේ සිරිපාල හා රන් මැණිකා, ධර්මසේන පතිරාජ ගේ එයා දැන් ලොකු ළමයෙක් සහ බඹරු ඇවිත් යන චිත්‍රපට හදුන්වා දිය හැකියි.. සිය දිවියේ විශේෂ සනිටුහනක් තබමින් 1984 වසරේදී ඇය සසර චේතනා යන චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරනු ලැබුවා… 1987 වසරේදී අහිංසා සහ 1991 වසරේදී ස්ත්‍රී යන චිත්‍රපටද ඇය අධ්‍යක්ෂණය කරනු ලැබුවා…

ඇයගේ පරිපූර්ණ රංගනය වෙනුවෙන් මාලනිය ලද ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේ සම්මාන බොහෝමයක් වන අතර, රංගන ශිල්පිනියට ජීවිතයේ ලද හැකි ඉහළම සම්මානය වන ප්‍රේක්ෂක ආදරය ද, ඇය නොඅඩුව හිමිකරගන්න සමත් වුණා..

කලක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යනවිට ඇය 78වන වියෙහි පසුවුණා.. සිනමාවට මහා වෘක්ෂ්ඃඇයැක් බඳුවූ මේ ප්‍රතාපවත් චරිතය කලාවේ අනාගතය වෙනුවෙන් , තවත් ශිල්පීන් ගණනාවක් බිහිකිරීමට පාර කියාදෙන්නට තරම් නිහතමානී තැනැත්තියක්.. සදා නොමැකෙන මතක ගොන්නක් ඉතිරි කරමින් සිනමා සිත් අහසින් බැසගිය ආදරණීය “ආකාස කුසුම” ඔබ නිවන් සුව අත්වේවා..

Local Gossip