” හෙට කොබ්බෑකඩුව සර් එනවලු , හෙට උබලගේ බුරියානි ඩේ එක ” කොබ්බෑකඩුව නම් අභීත සෙන්පතියා ගැන ඇසෙන ඔබ නොදත් කතාවක් මෙන්න… හිතුවක්කාරි

” හෙට කොබ්බෑකඩුව සර් එනවලු , හෙට උබලගේ බුරියානි ඩේ එක ” කොබ්බෑකඩුව නම් අභීත සෙන්පතියා ගැන ඇසෙන ඔබ නොදත් කතාවක් මෙන්න… හිතුවක්කාරි

කොබ්බෑකඩුව සෙන්පතියාගේ මගුල් මුදුවේ DLK යනුවෙන් අකුරු තුනක් තිබී ඇත.එහි අරුත ඩෙන්සිල් ලක්ශ්මන් කොබ්බෑකඩුව යන්නය.

අවසන් වරට එතුමන් නිවාඩු ලබා නිවසට පැමිණ ආපසු කදවුරට යෑමට සූදානම් වූ මොහොතේ කොබ්බෑකඩුව මැතිනිය එතුමාගේ රන් මුදුව ඉල්ලා සිටියාය.

කාළයත් සමග මුදුවේ අකුරු මැකී ඇති බැවින් එය අලුත් වැඩියා කර දීමට ඈ එසේ මුදුව ඉල්ලා සිට ඇත.

….”මම මේ මුද්ද ගලවන්නෙ නෑ මැරෙනකම්ම ඔයානම් පරිස්සමට කියලා මුද්ද ගලවනවා..” ඇගේ ඉල්ලීම ප්‍රතික්ශෙප කරමින් කොබ්බෑකඩුව මහතා එසේ පවසා ඇත….

ඒ අවසන් වරට කොබ්බෑකඩුව මහතා නිවසින් පිටව ගිය දිනයයි…..

මේ අභීත සෙන්පතියා මිය ගියේ 1992 අගෝස්තු මස 08 වනදාය.ඒ යාපනය අරාලි තුඩුවේදී එල්ල වූ අනපේක්ෂිත බෝම්බ ප්‍රහාරයකිනි….

ඔහු සාමාන්‍ය සෙබලෙකුට පුතා කියා අමතන්නේ හදවතින්මය…..නිවාඩු ලබා නිවසට එන දිනයේත් නිවාඩු අවසන්ව ආපසු යන දිනයේත් කොළබ- නුවර මාර්ගයේ කජුගම පාරම්පරික කජු වෙළද සැලක් අසල ජීප් රථය නතර කර කජු කිලෝ කීපයක් රැගෙන යෑම එතුමාගේ සිරිතය….

“සිය වෙළද සැලෙන් කජු රැගෙන යන හමුදාවේ මහත්තයා හරියටම කවුදැයි වෙළද සැලේ සිටි කාන්තාව නොදැන සිටින්නට ඇත. දිනක් ඈ කොබ්බෑකඩුව මහතාට පුංචි සරදමක් කළාය…..

” මහත්තයා ඔයතරම් කජු ගෙනියන්නෙ වෙළදාමකටද? ”

සිනහවකින් ඇයට සංග්‍රහ කළ ඔහු මෙසේ පවසා ඇත.

…..”නිවාඩු අරගෙන ගෙදර එනකොට කජු ගෙනියන්නේ ගෙදර ළමයිට, ආපහු යනකොට කජු ගෙනියන්නේ කෑම්ප් එකේ ළමයිට”……

හැම සෙන්පතියෙකුට කෑම්ප් එකේ ළමයි සිටියේ නැත…….,

බංකරයෙන් බංකරයට ගොස් රාජකාරියේ නිරත සෙබලෙකුට අඩුම වශයෙන් ටොපියක් චොකලට්ටුවක් , කජු මද කිහිපයක් දුන් විරල හමුදා සෙන්පතියන් අතර කොබ්බෑකඩුව නාමය සාමාන්ය සෙබලුන් අතර නිතර කියවෙන නමකි ,

ඔහු කඳවුරකට Visit එන්නේ නම් ඒ ගැන වැඩියෙන්ම සතුටුවන්නේ සාමාන්ය සෙබලුන්ය

” හෙට කොබ්බෑකඩුව සර් එනවලු ,

හෙට උබලගේ බුරියානි ඩේ එක ”

කොබ්බෑකඩුව විසිට් එන දාට කඳවුරේ සෙබලුන්ට ස්පෙෂල් රෙෂන් දීම කොබ්බෑකඩුවගේ විශේෂ නියෝගයකි ,

එබැවින් කොබ්බෑකඩුව නාමය හමුදා සෙබලුන් තුළ ඇති කලේ මහත් ආදරණීය මතකයකි.

කොටි වැළලු බිම් බෝම්බ පෑගෙයි කියා බියෙන් මාව උස්සන් පලයල්ලා යැයි සෙබලුන්ට අණ කළ ජෙනරාල්වරුද ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කර ඇත….

එවන් ආත්මාර්ථකාමි බියගුළු සෙන්පතියන් අතර කොබ්බෑකඩුව සැබැවින්ම අභීත සෙන්පතියෙකි…….!!!!
උපුටාගැනීමකි

(𝑨𝒍𝒍 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑮𝒐𝒆𝒔 𝒕𝒐 1ˢᵀ 𝒐𝒘𝒏𝒆𝒓)

Local Gossip