දඹුල්ල, තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ නිදි යහනේ මියගොස් සිටි කාන්තාවගේ මරණය ඝාතනයක් බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබෙනවා.
ඒ අනුව මෙම ඝාතනයට සැකපිට අදාළ කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ දඹුල්ල, තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි එක් දරු මවක් වන අතර ඇය ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකරන සේවා නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටි අයෙකි.
ඇයගේ සැමියා පොලීසියට ප්‍රකාශ කොට තිබුණේ, තම බිරිඳ විභාගයක් සඳහා පාඩම් කරමින් සිට සවස 4ට පමණ නින්දට ගිය බවත් රාත්‍රී නවයට පමණ අවදි කරවන ලෙස දැනුම් දුන් බවයි.
ඒ අනුව රාත්‍රියේ බිරිඳ අවදි කිරීමට ගියද ඇය අවදි නොවීම නිසා අසනීප තත්ත්වයක් ඇතැයි සිතා 1990 ගිලන් රථ සේවය සේවයට ඇමතුමක් ලබා දුන් බවද ඔහු පොලීසියට ප්‍රකාශ කොට තිබුණා.
අද දින දඹුල්ල රෝහලේ දී විශේෂඥ අධිකරණ වෛද්‍ය කේ. එන්. සී. සේනාරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර එහිදී මරණයට හේතුව හිසට සිදුවු බරපතළ හානි හේතුවෙන් ඇති වු අභ්‍යන්තර ලේ වහනය බවට අනාවරණය වී තිබෙනවා.