ලොව පුරා නිදන්ගත වකුගඩු රෝගයට බලපාන ප්‍රධානතම රෝගය වන්නේ දියවැඩියාවයි.
මෙම රෝගී තත්ත්වය බටහිර වෛද්‍ය විද්‍යාවෙන් නියම කෙරෙන ඔෟෂධ මඟින් පාලනය නොකළහොත් වකුගඩු රෝගය උග්‍ර තත්ත්වයට පත්ව අවසානයේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය බෙහෙවින් අඩුවී යනු ඇත.
අනතුරුව තන්තුභවනය නිසා හැකිළී ගිය නිදන්ගතව රෝගී වූ වකුගඩු යුගලක් ඇතිවීම වළක්වන්නට බැරිය.
වර්තමානයේ බහුලව දක්නට ලැබෙන්නේ එවැනි වකුගඩු රෝග තත්ත්වයන්ය.
දියවැඩියාවේ බලපෑම මත වකුගඩු රෝගී වන තවත් හේතු වන්නේ වකුගඩු ආශි‍්‍රතව ආසාදන ඇතිවීමත් එම ආසාදන නිසා මුත්‍රා ගල් ඇතිවීමේ තත්ත්වයත් නිසාය.
දියවැඩියාව නිසා වකුගඩු රෝගී වීමේ අවදානමට ලක්වූ රෝගියකු අනුගමනය කළ යුතු සෞඛ්යාරක්ෂක පිළිවෙත් කිහිපයක් වේ.
රුධිරයේ සීනි ප්‍රමාණය නිසි පරිදි පවත්වා ගැනීම හා එය පාලනය කරගැනීමය.
රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගැනීම. 130-80 mmHg
රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීම.
ලුණු පරිභෝජනය අඩු කිරීම.
මානසික ආතතිය පාලනය කිරීම.
දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම.
අධික මත්පැන් පානයෙන් වැළකීම.
මෙවැනි රෝගීන්ගේ BMI දර්ශකය නැතහොත් උසට සරිලන බර මැනවින් පවත්වා ගත යුතු අතර ඔවුන් දිනපතා ව්‍යායාම කළ යුතුය. එහෙත් ව්‍යායාම කිරීමේදී අධිකව කය වෙහෙසීම සිදු නොකළ යුතු අතර ශරීරය දහඩිය දැමීමෙන් විජලනය වීම වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කළ යුතුය.
ඉතා වැදගත්ම කාරණාව වනුයේ වකුගඩුවලින් ප්‍රෝටීන කාන්දුවීම වළක්වා ගැනීමය.
එලෙස ප්‍රෝටීන් පිටවන බවට දනගත හැකි ලක්ෂණයක් වන්නේ මුත්‍රා කරද්දී වෙනදාට වඩා අධික ලෙස පෙණ ඇති වීමය. එවන් සැක සහිත තත්ත්වයක් ඇති වූ වහාම ඔබ කළ යුත්තේ ඊට සුදුසු වෛද්‍යවරයකු හමුවී සත්‍ය තත්ත්වය පවසා ප්‍රතිකාර ලබා ගැනීමය.
මෙම තත්ත්වය කලින්ම වටහාගෙන අවබෝධ කර ගන්නේ නම් වෛද්‍යවරයාට එම රෝග තත්ත්වය නිට්ටාවටම සුව කිරීමේ හැකියාව පවතී.
එනිසා එම අවස්ථාව නොසලකා හැරිය යුතු නැත. ඔබ එලෙස නොතකා හැරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ වකුගඩු නරක්වීමේ තත්ත්වය දක්වා ගොස් රෝගියාව රුධිර කාන්දුකරණයට ලක් කළ යුතු වීමයි. එසේත් නැතිනම් වකුගඩු බද්ධ කරන තත්ත්වයක් උදාවීමය. එනිසා සැක සහිත යම් තත්ත්වයක් වටහාගත් වහාම ප්‍රතිකාර ගැනීම නුවණට හුරුය.