හෙල සිනමාවේ නිලි රැජින ගැන ඇසෙන අලුත්ම පුවත මෙන්න… ජේෂ්ඨ රංගන ශිල්පිණි මාලනි ෆොන්සේකාට දැන් සම්පූර්ණයෙන් සුවයි.

හෙල සිනමාවේ නිලි රැජින ගැන ඇසෙන අලුත්ම පුවත මෙන්න… ජේෂ්ඨ රංගන ශිල්පිණි මාලනි ෆොන්සේකාට දැන් සම්පූර්ණයෙන් සුවයි.

හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලිනි ෆොන්සේකා මහත්මිය මේ වන විට සම්පූර්ණයෙන් ම සුවය ලබා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව, එතුමිය අද (20) රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

මාලිනි ෆොන්සේකා මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන්, මීට සති කිහිපයකට ඉහතදී කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කළ බවයි වාර්තා වූයේ.

අනතුරුව ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර කලා ක්ෂේත්‍රයේ පිරිස් සේ ම ඇයට ආදරය කරන රසික පිරිස ද ආගමික කටයුතු රැසක් සිදුකර තිබුණා.

එමෙන්ම ඒ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් ව්‍යාජ පුවත් හුවමාරු කරන අන්දමත් දක්නට ලැබුණා. ඒ, ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබමින් බොහෝ අවදානම්සහගත තත්වයක පසුවන බවට හුවා දක්වමින්.

කෙසේ නමුත් ඒවාට ප්‍රතිචාර ලෙස ඇයගේ පවුලේ පිරිස් සහ ඇයට සමීප කලා ක්ෂේත්‍රයේ පිරිස් අවධාරණය කර තිබුණේ, එයාකාරයෙන් පැතිරෙන සියලු කතා ව්‍යාජ ඒවා වන බවයි.

Local Gossip