“එදා නොදන්න කෙල්ලෙක් ගැන මං ගොඩක් සතුටු වුණා.. ඒ එයත් මං වගේම දිනුම් නිසා..” හැමෝගෙම ආදරය දිනාගත්ත කුමුදුමාලි ඇගේ මුහුණුපොතට ඇය ගැන විශේෂ සටහනක් එක්කරයි..

“එදා නොදන්න කෙල්ලෙක් ගැන මං ගොඩක් සතුටු වුණා.. ඒ එයත් මං වගේම දිනුම් නිසා..” හැමෝගෙම ආදරය දිනාගත්ත කුමුදුමාලි ඇගේ මුහුණුපොතට ඇය ගැන විශේෂ සටහනක් එක්කරයි..

 

ඒ බැඳීම් හරිම පුදුමාකාරයි, සමහර දේවල් සිද්ධ වෙන්නේ අපි කවුරුත් නොහිතන විදිහට කියනවා නේ.

ඔවුන් දෙදෙනාගේ ඒ හමුවීමත් අන්න ඒ වගේ. උදේනි කුමුදුමාලි සහ තුලානි ලොකුගේ, මේ ආදරණීය කතාව බැඳෙන්නේ ඔවුන් දෙදෙනා වටායි. එකම විශ්ව විද්‍යාලයක මේ වගේ දක්ෂතා දැක්වූ අක්කා නගෝ දෙන්නෙක් ගැන මේ ඇසෙන කතාව හරිම ලස්සන එකක්. ඇයට සුබපතන්න එදා අවස්ථාවක් ලැබෙනතුරු කුමුදුමාලි මග බලා ඉඳලා. ඒත් එදා මගහැරුණු ඒ අවස්ථාවත් එක්ක දිගහැරෙන්නේ හරි ලස්සන කතාවක්. උදේනි ඇගේ ඒ මුහුණුපොතට එක්කරන්නේ අන්න ඒ ගැන සටහනක්.

“ඉතින් කලු කෙල්ලේ., මන් ඔයාට හරි ආදරෙයි..”

එදා, (2024), එකම graduation ceremony එකේ (පේරා), session දෙක ක අපි දෙන්නා මෙන්න මෙහම graduate වෙලා..
මන් ඒක දන්නෙ නෑ, ඒත් එයා ඒක දන්නවා..
එදාට පහු වෙනිදා, මන් ලංකාවෙනුත් එනවා..
මෙයාගෙ post එක මම social mediaවල දැක්කා..
ජීව්තේ ඒත්, මන් කවදාවත් හිතුවෙ නෑ., මෙයා ව දවසක මට මුණ ගැහෙයි කියලා.
හැබැයි, මන් මේ නොදන්න කෙල්ල ගැන එදා, මම ගොඩක් සතුටු උනා..
ඇයි දන්නවද, ඒ එය ත් මන් වගේ ම දිනුම් හින්දා..
ඇත්තමයි මට ඕන උනා, මෙයාට ඒ කාලෙ දි ම විශ් කරන්න..
ඒත් ඒයාගෙ facebook එකක් වත් මන් දැනගෙන හිටියෙ නෑ..

බලන්න ඉතින් මේ දෛවය, අපි ආස කරොත්, දේවල් අපිට උරුම කරලා දෙන හැටි..
ඉතින් , හරියට ම අවුරුද්ද ක ට පස්සෙ, (2025) , ඒ නොදන්න කෙල්ල, මගෙ university එකටම එනවා..
අවුරුදු 4ක් එහා වැටෙයි මෙහා වැටෙයි, (Agri and Vet) , එක ම graduation එකේ ඉදලා වත් , meet උන් නැති අපි, graduate students ලා විදියට මේ භූමිය ක meet වෙනවා..
මට හිතෙනවා, ” මේ මගේ අර එදා දෙන්න කියලා හිතාගෙන හිටිය, විශ් එක , ගන්න බලාගෙන ම ආව ණය කාරියක් ද ” කියලා..ත්

ඒ උනා ට , මට කියන්න ඕන උනේ ., ඔය දේ නොවෙයි,
ඇය තුලනි.,
තුලනි ව හම්බුනා ම , මං ඇහුව එක දෙයක් තමයි.,
– නංගි මාව facebook add කරගන්න, මන් මේ photos tag කරන්නම් කියලා..
– උත්තරේ, “අක්කෙ මං ඔයාව follow කරා එදා ඉදලා”
ඔව් නෙහ් , friend request එකකු ත් තියනවා..

ඉතින් කියන්න ඕන මට මෙච්චරයි.. අපි දෙයක් දින්න ම, ජය ගත්ත ම, ඒකට අවංකව සතුටු වෙන අය හරිම අල්ප යි..
– හැබැයි, මෙතන දි, හිතන්න ඕන උනේ මට මෙහෙමයි,
අපි දෙන්නට ම එකම ප්‍රමාණයේ ජයග්‍රහණ තියෙනවා,
හැබැයි, එකිනෙකා වෙන වෙනම මාර්ග වල විශිෂ්ට කරගත් degrees,
තරඟය හෝ “ඇයි මම හොඳද , එයා හොඳද?” කියන / එයා ට විතරක් නොවේ, මට ත් තිබ්බේ කියන.,
ඉර්ෂ්‍යා/සංසන්දනයක් නැතුව,
එකිනෙකාගේ ඇත්තම විශිෂ්ටත්වය සතුටින් පිළිගන්න දයාබර උන..
බැල්මකින් වත් නොපිලිගැනීමක් නොදැක්කුව.,
ගුණයක් මට දකින්න ලැබුනා..
– මම ගෙදර ඇවිල්ලා, ගොඩක් හිතුවා..
මට මම ගැන ත් සතුටු හිතුනා..
– අනේ මම වගේම නොවෙ ද ඇය? මම මගෙන් ම ඇහුවා..
ඉතින් දන්නව ද? ඒ ගුණය..
ඒ “මුදිතා” ගුණය
ඉතින්, කලු කෙල්ලේ.., ඔයාට මාව මුණ ගැහුන ම මොනවා දැනුන ද මන් දන් නෑ..
එත් මම “මුදි තා ගුණය” ඔයාගෙන් ලස්සනට දැක්කා..
මේ බවයෙදි, මට ඒක පෙන්නුවා ට., මේ ලෝකේ හිතන තරම් ම ලස්සනයි කියලා මට පෙන්නුවා ට, ඔයාට බොහොම පින්..

Local Gossip