ජීවත්ව හිටිය නම් විජයට 80 යි.! ඔන්න ඒ් දවස සමරන්නත් හැමෝම එකතු වෙලා..!

 

 

අපේ රටේ තවමත් ජනප්‍රිය නළුවා හැටියට මානව හිතවාදී විජය කුමාරණතුංග තවමත් ඉදිරියෙන්ම ඉන්නවා. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා හැටියට හිටපු මේ මානව හිතවාදී මනුස්සයව බොහොම අකාරුණික විදියට මරල දාන්නේ 1988 පෙබරවාරී 16 දා.

විජය ජීවත්ව හිටිය නම් එළැඹෙන ඔක්තෝබර් මාසේ 08 වැනිදට ඔහුගේ වයස අවුරුදු 80 ක්. ඉතින් මේ වෙනුවෙන් ඔහුට හිතවත් අය හැමදාම ඒ් දවස මතක් කරනවා වගේ මෙවරත් වෙනස්ම විදිහේ සැමරුමක් ලෑස්ති කරලි තියෙනවා.
“මෙවරත්, ශ්‍රී ලංකා මහජන පක්ෂ සංස්කෘතික සංවිධානය හා විජය කුමාරණතුංග අනුස්මරණ සංසකෘතික පදනමේ අපි එකතු වෙලා ලොකු වැඩක් කරනවා. එහිදී සමස්ථ ලංකා කෙටි නාට්‍ය තරගය සහ විජය කුමාරණතුංග අනුස්මරණ සම්මාන උළෙල දැන් ආරම්භ වී තිබෙනවා. උත්සවය ඔක්තෝබර් 08 වැනිදා සවස 2.00ට මරදාන ඒල්ෆින්ස්ටන් රගහලේදී පැවැත්වෙනවා.. විජේ මහත්තයා වෙනුවෙන් අපි මේ වැඩ සටහන් මාලාව හැමදාම කරනවා.

ඒ් විතරක් නෙමෙයි, ලබන අවුරුද්දේ එතුමා වෙනුවෙන් හැමදාම අපි කරන ‘විජය ගී තරුව’ තෝරන ගායනා තරගයටත් මේ දවසස්වල අපි අයදුම්පත් කැදවනවා. ඒ් අයදුම් පත්, සැප්තැම්බර් 15 වැනිදට පෙර 453, නුවර පාර, කඩවත ලිපිනයට එවිය යුතුයි. අපි මේ හැමදේම කරන්නේ අපේ මානව හිතවාදී රටක් ආදරය කළ මනුස්සයා වෙනුවෙන්. මෙහෙම කිව්වේ රංගන ශිල්පි, අනුර ශ්‍රීනාත්.

Local Gossip