Home Uncategorized පොඩි අය බිත්තියේ අදින කුරුටු බලි ඉවත් කරන්න මෙන්න ක්‍රමේ… තීන්ත ගාපු...

පොඩි අය බිත්තියේ අදින කුරුටු බලි ඉවත් කරන්න මෙන්න ක්‍රමේ… තීන්ත ගාපු කාලේ ඉවරයි. මෙන්න පැල්ලම් මකන සුපිරි විදිහ

0
97

 

පුංචි බබාලා ඉන්න නිවෙස් වල තිබෙන ප්‍රධානම ගැටලුවක් තමයි බිත්තිවල පැල්ලම් ඇති වීම. නිතරම තීන්ත ආලේප කිරීමත් මෙයට විසඳුමක් නොවන නිසා ඔබ බොහොම හිත කරදරයට පත් වෙලා ඇති. එයට සරල විසඳුම් කිහිපයක් තමයි මේ.

සබන් කුඩු යෙදීම.

මද උණුසුම් ජලයට විනාකිරි ස්වල්පයක් හා සබන් කුඩු ස්වල්පයක් එක් කර බිත්තියේ පැල්ලම් ඇති ස්ථාන වල බ්‍රෂ් එකකින් ආලේප කර සෙමින් අතුල්ලා සෝදා හරින්න.

දන්තාලේප භාවිතය.

මෙය කුඩා පැල්ලම් ඉවත් කිරීමට පහසුම ක්‍රමයයි. බිත්ති මත ඇති කුඩා පැල්ලම්වල සුදු පැහැ දන්තාලේපනයක් ආලේප කර ටික වෙලාවක් තබා ගොරෝසු රෙදි කැබැල්ලක් පැල්ලම් මත අතුල්ලන්න. ඉන්පසු තෙමා ගත් ස්පොන්ච් එකකින් දන්තාලේප ඉවත් කරන්න.

වැලි කඩදාසි භාවිතය.

කාලයක් තිස්සේ ඇති පැල්ලම් අතට අසු වෙන තරම් ඝනව වර්ධනය වී තිබෙනවා. මේ පැල්ලම් ඝන කඩදාසියකින් සීරුවට ඉවත් කර ඉන්පසු ඉතිරි පැල්ලම් දන්තාලේපනයකින් මකා ඉවත් කරන්න.

බේකින් සෝඩා භාවිතය.

උණු වතුරට බේකින් සෝඩා ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණය පැල්ලම ඇති ස්ථානයේ ආලේප කර ඝන රෙදි කැබැල්ලකින් පිස දමන්න.

මේ ක්‍රම DIY ක්‍රම ලෙසත් හඳුන්වන්න පුලුවන්. කිසිවෙකුගේ උදව් නැතිව ඔබට තනිවම ඔබේ නිවස පිරිසිදු කරගන්න මේ ක්‍රම හරහා සාර්ථකව හැකියාව තිබෙනවා.

උපුටා ගැනීමක්..

 

 

 

 

 

Previous articleඔයත් වොශ් රූම් යද්දී ෆෝන් එක අරන් ගිහින් වරු ගණන් ඉන්නවාද ? එහෙනම් මේ ගැන සැලකිලිමත් වෙන්න
Next articleපුංචි ළමයි ගෙදර ඉන්න ඔයාටයි මේ ලිපිය… පොඩි අය මදුරු කරදරෙන් බේරා ගන්න සරල ක්‍රම ටිකක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights