Home Uncategorized දරුවන් ලැබෙද්දී මව්වරුන්ගේ ආයු කාලය අඩු වෙනවාද? මුළු ලොවම මවිත කළ නවතම...

දරුවන් ලැබෙද්දී මව්වරුන්ගේ ආයු කාලය අඩු වෙනවාද? මුළු ලොවම මවිත කළ නවතම විද්‍යාත්මක හෙළිදරව්ව මෙන්න.

0
584

දරුවන් ලැබෙද්දී මව්වරුන්ගේ ආයු කාලය අඩු වෙනවාද? මුළු ලොවම මවිත කළ නවතම විද්‍යාත්මක හෙළිදරව්ව මෙන්න.

මේ කියන්න යන්නේ, දරුවන් හිතුවක්කාරී ලෙස හැසිරෙන විට හෝ නින්දට යාම ප්‍රතික්ෂේප කරන විට “මේ ලමයි නිසා මගේ ආයුෂත් කෙටි වෙනවා” යනුවෙන් මව්වරුන් සරදමට මෙන් කියන කතාව පිටුපස ඇති අතිශය අපූරු මෙන්ම විද්‍යාත්මක සොයාගැනීම ගැනයි.

දැඩි දුෂ්කර සහ කටුක පරිසරයන් යටතේ ජීවත් වන කාන්තාවන් සඳහා මේ කතාව සත්‍යයෙන් එතරම් දුරස් නොවන බව නෙදර්ලන්තයේ ග්‍රොනින්ගන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඉවාන් යන්ග් ඇතුළු පර්යේෂක කණ්ඩායම විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

1866 සහ 1868 අතර මහා ෆින්ලන්ත සාගතය පැවති කාලයේ ජීවත් වූ කාන්තාවන් 4,684 දෙනෙකුගේ ජනගහන වාර්තා පරික්ෂා කිරීමේදී, සාගතය අතරතුර දරු උපත් සිදු කළ කාන්තාවන්ගේ ආයු කාලය ඔවුන් ලබන සෑම දරුවෙකු පාසාම මාස 6 බැගින් අඩු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

දරු ගැබක් දරා සිටීම, ප්‍රසූතිය සහ මව්කිරි දීම සඳහා විශාල ශක්තියක් ක්ෂය වන අතර, සාගත වැනි කටුක තත්ත්වයන් හමුවේ ශරීරයේ සෛල අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ශක්තිය නොලැබී යාම මීට ප්‍රධාන හේතුවක්.

එමඟින් පසුකාලීනව හෘද වාහිනී සහ පරිවෘත්තීය රෝග වැළඳීමේ අවදානම ඉහළ යන බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, සාගතයට පෙර හෝ පසුව සාමාන්‍ය තත්ත්වයන් යටතේ ජීවත් වූ කාන්තාවන්ගේ ආයු කාලය සහ දරු ප්‍රසූතිය අතර මෙවැනි අහිතකර සම්බන්ධයක් නොතිබුණු අතර, නූතන දියුණු සෞඛ්‍ය පහසුකම් සහ අඩු පවුල් සංඛ්‍යාව පවතින වර්තමාන ලෝකයේ මව්වරුන්ට මෙයින් බිය වීමට හේතුවක් නොමැති බවද පර්යේෂකයෝ වැඩිදුරටත් අවධාරණය කරනවා.

බීබීසී ඇසුරෙන්..

 

Previous articleONLINE බඩු ORDER කළාද? සල්ලි ගත්තට බඩු එව්වේ නැද්ද? නිකන් සල්ලි අතහැරලා දාන්න එපා! පැමිණිලි කරන ක්‍රමය මෙන්න!
Next articleඋදේම හිස් බඩ උණු වතුර බොන්න පුළුවන් නම් මෙන්න ඔබට අත්කර ගන්න පුළුවන් අදහාගත නොහැකි ප්‍රථිපල…
error: Content is protected !!
Verified by MonsterInsights