ඔහුගේ වියෝවට හේතුව එය නොවන බවට සනාථ වෙයි.. හදිසි අනතුරකින් මියගිය පියාගෙන් පුතාට උපන්දින තෑග්ගක්..

ඔහුගේ වියෝවට හේතුව එය නොවන බවට සනාථ වෙයි.. හදිසි අනතුරකින් මියගිය පියාගෙන් පුතාට උපන්දින තෑග්ගක්..

 

මියගිය පියාගෙන් පුතාට තෑග්ගක්.. කෙනෙක්ට මේ කතාව ඇහුවම ඇත්තටම විශ්වාස කරන්නත් බැරි වේවි.

ඒත් ඒ කතාව සත්‍යක්. ඇත්තටම හද සසල කරවන මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්.

හදිසි අනතුරකින් මියගිය පියා විසින් මරණයෙන් දිනකට පසුව සිය පුතුට උපන්දින ත්‍යාගයක් ලබාදුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

නවදිල්ලියේ කැන්ටන්මන්ට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය සිදුවූ රිය අනතුරකින් නව්ජොත් සිං නම් පුද්ගලයෙක් පසුගිය දවසක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊට පසුදින ඔහුගේ පුත්‍රයාගේ උපන්දිනය යෙදී තිබූ බවයි සඳහන් වන්නේ.

ඔහුගේ පුතු බව කියන නව්නර් සිංගේ 22 වැනි උපන්දිනය ඊයේ යෙදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කොහොම හරි මේ දවසේ ඔහුට උපන්දිනය වෙනුවෙන් ලබාදෙන්න මේ පියා කටයුතු කරාලා. ඔහුට තෑගි විදිහට ලැබිලා තිබුණේ air fryer සහ ශර්ට් එකක්.

මේ ඔහුගේ මරණයෙන් පසු මිතුරෙක් පැවසූ යමක්, “මට මිතුරෙකු පමණක් නොව සහෝදරයෙකු ද අහිමි වී ඇත. වේදනාව වචනවලින් කිව නොහැකි ය. අද ඔහුගේ පුතාගේ උපන්දිනය ද වීම ඊටත් වඩා හද කම්පා කරවන සුළුය.”

එසේම මෙම අනතුරෙන් පසු තවමත් සුවය ලබමින් සිටින ඔහුගේ බිරිඳ ඔහුට අවසන් සමුදීම සඳහා ස්ට්‍රෙචරයක් මත රැගෙන විත් තිබූ බවයි විදෙස්මාධ්‍ය වාර්තා කර තිබුණේ.

World Gossip