ඇය දැන් සදහටම ජීවිතයෙන් සමුගෙන ගිහින්. මනාලියක් වෙන්න හීන මවපු සඳමාලිට මෙහෙම ඉරණමක් අත්වේවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.
ඇය නැති සොවින් කවුරුත් කඳුළු සලද්දී, ඒ වාහනයේ ගමන්ගත් අන් අය ගැන අද ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.
ඊශ්‍රායලයේ සිට පැමිණීමට නියමිතව සිට ඇත්තේ මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ සැමියා බවද තුවාල ලැබූ දරුවන් තිදෙනා ඔවුන්ගේ දරුවන් බවද පොලිසිය පවසනවා.
අනතුරින් වෑන් රථයේ ඉදිරිපසට බරපතළ හානි සිදුවී ඇති අතර, ලොරියේ පිටුපස දකුණු පස මුල්ලට සුළුහානි සිදුව තිබෙනවා.
පවුල් දෙකක සාමාජිකයන් අටදෙනකු ගමන් ගත් මෙම වෑන් රථයක් ඊයේ (16දා) අලුයම 12.10ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අතර කිලෝමීටර් 9.6 කණුව අසලදී අධිශීතකරණ (ඩීෆ්‍රීසර්) ලොරි රථයක පිටුපස ගැටී සිදු වූ මාරක රිය අනතුරකින් තරුණියක මරුමුවට පත්වී කුඩා දරුවන් තිදෙනකු ඇතුළු 7 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගැලනිගම අධිවේගී මාර්ග පොලිසිය පැවසුවා.