මේ තමයි ආශන්‍යා ප්‍රේමදාසගේ “ක්‍රේසි ක්‍රේසි බෝයි”. එක කාලෙක කොළඹ කෙල්ලන්ගෙත් උන්මාදයක් තමයි.
2000ට කලින් ලංකාව හරි ලස්සනයි. ඕන මංගල්ලයක් මෙහෙ තිබුණා. ඒත් ඒ ගැන පුවත් අප්‍රකටයි. ඒ නිසා සමහරු අහන්න පුළුවන්, “කවුද බං අර බඩා?” කියලා. බඩාගේ වැඩ ගැන ඇහුවානම් කෙස් කෙලින් වෙනවා. දන්න අයට මතක් වෙයි.
’90 දශකයේ මැදභාගය වෙනකොට කාර් රේසිං කිව්වහම මතක් වෙන නම් වල උඩින්ම තිබුණේ අරවින්ද ප්‍රේමදාස, දිනේෂ් දෙහෙරගොඩ, උපුල්වන් සේරසිංහ, ප්‍රසන්න රණසිංහ වගේ නම්. අරවින්ද ප්‍රේමදාස කියන්නේ ආශන්‍යාගේ තාත්තා. ශ්‍රී ලංකාවේ රේසිං කාර් ක්ෂේත්‍රයේ පුරාවෘත්තයක්.
ලංකාවේ විශාලතම කාර් රේසිං තරග වල ජයග්‍රහණ වලට අමතරව ඔහු මහගස්තොට සහ සිංගල් ට්‍රී හිල් ක්ලයිම්බ් තරග වලදී පිහිටවපු වාර්තා වල අයිතිකාරයෙක්. කටුකුරුන්දේ ට්‍රැක් එකෙත් ඔහුගේ වාර්තා තියෙනවා. ශ්‍රී ලංකාවේ රේසිං කාර් ඉතිහාසයේ දැවැන්තයන් හැමෝම එක්ක ඔහු තරග වැදිලා තියෙනවා.
දූවිලි, මඩ ඇවිස්සෙන තියුණු තරගයි, එකේක විදියේ කාර්වුයි, හරිත පෙරේරාගේ ඉංග්‍රීසී විස්තර විචාරයයි, ජාතික රූපවාහිනී සජීව විකාශයි ඒ කාලේ සති අන්තයට එන නියම බ්‍රේක් එකක්. අපේ තාත්තලත් එක්ක අපිත් බිම වාඩිවීගෙන ඒවා නැරඹුවා. ඒ වුණාට අරවින්දට බ්‍රේක් නෑ. ඒ වෙනකොට ඔහු ඉතා තරුණ සහ ජයග්‍රාහී රේසිං කාර් ධාවකයෙක්.
සුරන්ජිත් ප්‍රේමදාස කියන මෝටර් රථ ධාවකයාගේ පුතා තමයි අරවින්ද ප්‍රේමදාස. ඒ නිසා වයස අවුරුදු 6ක විතර ඉඳලා අරවින්දට ට්‍රැක් එක හුරුවුණා. වයස අවුරුදු 16දී බ්‍රිතාන්‍යයේදී ඔහු ෆෝමියුලා රථ ධාවනයට පිවිසුණා. ශ්‍රී ලංකාව ඇතුළේ තිබුණු තරග දිනුවා. ගෝ කාට් ඉඳලා අවුරුදු 40ක විතර නොබිඳුණු අත්දැකීම් සහිත මෝටර් රථ ධාවකයෙක්.
1996 කටුකුරුන්දේ ෆෝමියුලා කාල ගණනයේදී සුරන්ජිත් ප්‍රේමදාස තම පුතාට අභියෝගයක් දුන්නා. ඒ තමයි තමන්ව පරාජය කළොත් තමන් රේසිං වලින් රිටයර් වෙන බවට. අරවින්ද ඒක භාරගත්තා. ඔහු අජාසත්ත නොවී තරගයෙන් තාත්තාව පරාජය කළා. සුරන්ජිත් ප්‍රේමදාස රේසිං ට්‍රැක් එකෙන් රිටයර් වුණේ එදා. නුගේගොඩ තියෙන “ප්‍රේමදාස රයිඩින් ස්කූල්” පටන් ගත්තේ ඉන්පස්සේ වගෙයි මට මතක (දන්න අය නිවැරදි කරත්වා!). එතන පුහුණු කළේ අශ්වයන් පැදවීම. පස්සේ මෝටර් කාර් රේසිං ප්‍රදර්ශන තරග වලට තාත්තයි පුතයි මුණුපුරයි තුන්දෙනාම සහභාගී වුණා.
සුරන්ජිත්ගේ මුණුපුරා තමයි අවිශ්ක ප්‍රේමදාස. ඔහුත් දැන් තරග වලට සහභාගී වෙන තරුණ ධාවකයෙක්. අරවින්ද තමයි ඔහුගේ තාත්තා. අවිශ්කට රේසිං ට්‍රැක් එක විවෘත කරන ගමන් අරවින්ද තමන්ගේ දුව ආශන්‍යාට කලාවෙන් මගක් විවෘත කළා. හැම තාත්තෙක්ම තමන්ගේ දරුදැරියෝ ජීවිතේ සතුටින් ගෙවනවාට කැමතියි.
ඒත් ආශන්‍යා ප්‍රේමදාසගේ ගායන ජීවිතය මැදට අරවින්ද ප්‍රේමදාස කියන රේසිං පුරාවෘත්තය පනින්නේ නෑ. ඔහු ආශන්‍යාට අවශ්‍ය ඉඩකඩ සහ උදව් ටික දීලා නියම තාත්තෙක් වගේ පැත්තකින් ඉන්නවා. ඒක මම ඔහුගෙන් දැකපු විශේෂත්වයක්.
දැන් ඉතින් හිනාවෙලා පැත්තකින් හිටියට ඒ දවස්වල තරුණියෝ “ඕ මයි ගාඩ්!” කියපු, ලාංකේය රේසිං කාර් ට්‍රැක් එකේ වීරයෙක් තමයි මේ.
– අසංක හදිරම්පෑල.
 
  
 
