Home සයුරෙන් එහා පුවත් “දුව අද ලන්ඩන් බලා ගියා..” මතකය පමණක් ඉතුරු කරමින් ඇය අද සදහටම...

“දුව අද ලන්ඩන් බලා ගියා..” මතකය පමණක් ඉතුරු කරමින් ඇය අද සදහටම නික්ම ගිහින්.. එයාර් ඉන්දියා යානයේ තවත් කඳුළු කතාවක් මෙන්න.

0
72

ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් මේ ලෝකයේ කොහේ හෝ තැනක ඇති…

ඒ අතරින් ඇගේ මව්පියන් වගේම ඥාති හිතමිත්‍රාදීන් විශේෂයි..

ඒත් අද ඔවුන්ගේ දුක් කතා නෑසෙන දුරකට ඇය නික්මිලා… මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කඳුළු කතාවක්..

ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපලේ සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බොයිං 787 වර්ගයේ යානයක් ගුවන්ගතවී සුළු මොහොතකින් කඩා වැටුණේ සියල්ලන්ගේම නෙත් කම්පා කරමින්..

ඇයත් ඒ අතර කෙනෙක්.. කුෂ්බු රාජ්පුරෝහිත්, ඇය මේ සිද්ධිය වෙන්න සුළු මොහොතකට පෙර තම පියාගෙන් නික්මෙන්න ඇත්තේ හිතේ බලාපොරොත්තු 1000ක් තියාගෙන වුණත්, ඇගේ ජීවිතය ඊට නිමේෂ කිහිපයකට පස්සේ නතර වෙනවා..

ඒ මේ දරුණු ගුවන් අනතුර නිසා කිව්වොත් හරි… කොහොම වුණත්, ඇගේ පියා තම දියණිය ගුවන් තොටුපලෙන් නික්ම යන ආකාරය සිය වට්සැප් ගිණුමේ පළකරලා තිබුණේ මෙන්න මේ විදිහටයි..

ඇත්තටම මේ නික්මයාම ගැන අද බොහෝ දෙනා කතාවෙනවා.. බලාපොරොත්තු ගොන්නක් හිතේ පුරවාගත් කුෂ්බු රාජ්පුරෝහිත්ගේ පියා මේ වියෝව කොහොම නම් දරාගන්නවා ඇතිද..?

Previous articleඒ තමයි අශන්‍යා ප්‍රේමදාසගේ ‘ ක්‍රේසි කේසු බෝයි’ එක කාලෙක කොළඹ කෙල්ලන්ගේ උන්මාදයක්… රටක් ආදරේ කරන ඔවුන්ගේ, බොහෝ දෙනා නොදන්නා කතාවක් ගැන මුහුණුපොතේ පලවූ ආදරණීය සටහන.
Next articleඊශ්‍රායලයේ ඉන්න අපේ අය හැමෝම පරිස්සමෙන්…මෙන්න ඉරාන, ඊශ්‍රායල උණුසුම ගැන ඇසෙන අලුත්ම පුවත…
error: Content is protected !!
Verified by MonsterInsights