Home සයුරෙන් එහා පුවත් “අපේ අයට පිහිට වුණාට බුදු සාදුටයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිටයි ගොඩක් පින්”: නේපාල්...

“අපේ අයට පිහිට වුණාට බුදු සාදුටයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිටයි ගොඩක් පින්”: නේපාල් තරුණියක් මුහුණුපොතේ තැබූ සංවේදී සටහන..

0
50

මහත් අසීරුතා මැද ස්වකීය පවුලේ සාමාජිකයන් ආරක්ෂිතව සිටින බව දැනගත් නේපාල තරුණියක්, ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය සහ පරිත්‍යාග අගයමින් සමාජ මාධ්‍ය ඔස්සේ හද උණු කරවන පණිවිඩයක් තබා තිබේ.

දුරකථන සබඳතා බිඳ වැටීම හේතුවෙන් මගදී නිතර කනෙක්ෂන් නැති වී ගියද, තම පවුලේ පිරිස ආරක්ෂිත තැනක රැඳී සිටින බව ඇය සඳහන් කරයි. මෙම අසීරු අවස්ථාවේදී තම රටේ අයට පිහිට වීම පිළිබඳව ඇය බුදුන් වහන්සේට මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සිය හෘදයාංගම ස්තූතිය සහ පිං අනුමෝදන් කර ඇත.

ඊයේ දිනයේ ප්‍රවෘත්ති හරහා දැකගත හැකි වූ පරිදි ශ්‍රී ලංකාවෙන් නේපාල ජනතාවට විශාල පරිත්‍යාග ප්‍රමාණයක් ලබා දී ඇති බව සිහිපත් කරන ඇය, ශ්‍රී ලාංකිකයන්ගේ ඒ මහත් මනුෂ්‍යත්වය ඉමහත් ආදරයෙන් අගයයි. මේ වන විට නේපාලයේ බොහෝ පිරිසකට කෑම බීම මෙන්ම ඉන්න හිටින්න තැනක් නැතිව අමාරුවෙන් ජීවත් වීමට සිදුව තිබුණද, දුෂ්කර මොහොතක අත්වැලක් වූ ශ්‍රී ලංකාවට කිසිදා වරදින්නේ නැතැයි යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Previous article. හිතන්නවත් වෙලාවක් නැතුව ආව මහා ගංවතුරෙන් ඒ ගෙදර අය බේරුණේ සසරේ කළ පුදුම පිනකට වෙන්න ඇති!
Next articleසුන්බන් අතර දවස් තුනක් ගෙවා දැමූ පුංචි දියණියකගේ පුදුමාකාර ජීවිතක්ෂය: නේපාල ව්‍යසනයෙන් ඇසූ හද උණු වන පුවත..
error: Content is protected !!
Verified by MonsterInsights