ඒ දෙන්නාගේම ජීවිත හිතනවාට වඩා ගොඩක් වෙනස් කරන්න පුංචි ආරාධනා මැණිකට පුළුවන් වෙලා.
එහෙම කියන්නේ ඇයි කියලා දන්නවාද? ගයාන් වගේම චතුරිකා දෙන්නාගේ ලෝකයම හැඩ කරන මේ පුංචි පැංචි දැන් හරිම දඟකාරියක්. ඊයේ මේ දෝණිට විශේෂ දවසක්. ඇගේ උපන්දිනය ඊයේ යෙදිලා තිබුණා. ඉතින් ඒ මතකයේ රැඳුනු දවස වෙනුවෙන් අප්පච්චි ආරාධනා දුවට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..
“අප්පච්චි පරිස්සම් කරනවා ඔයාව සසර ගමන කෙළවර කරන කම්ම.ඒ ගමනේ වැදගත්ම දවසක් අද.
නිදුක්නිරෝගී සුභ උපන්දිනයක් වේවා මගෙ පණ.”
ඒ වගේමයි පුංචි ආරාධනාගේ ආදරණීය අම්මා, රංගන ශිල්පිනී චතුරිකා පීරිස් තමගේ ජීවිතයම වුණු ආදරණීය පුංචි දුවට මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.
“Happy Birthday to my beautiful little princess
මගේ පුංචි සුරංගනාවියේ, ඔයා තමයි මගේයි අප්පච්චගෙයි වටිනාම වස්තුව ඔයාට අවුරුදු 6ක් පිරෙන අද දවසේ, ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා ඊයේ වගේම අදත් අද වගේම හෙටත්, හෙට වගේම මතුවටත්, මේ සංසාරය පුරාවට, මායි අප්පච්චියි ඔයාගේ ළඟින්ම ඉඳන් ඔයාව ආරක්ෂා කරනවා ඔයා ජීවිතේ දිනන හැටි අපි හරි ආදරෙන් , ආඩම්බරෙන් බලං ඉන්නවා Happy birthday මගේ බෝනික්කියේ.. We love you soooo much..”