බර අඩුකරගන්න ජිම් යන්න ඕනි නැ… මෙන්න නියම ක්‍රමේ.. පැය 16ක් නොකා සිටීමෙන් වෙන දේ..

බර අඩුකරගන්න ජිම් යන්න ඕනි නැ… මෙන්න නියම ක්‍රමේ.. පැය 16ක් නොකා සිටීමෙන් වෙන දේ..

 

බර අඩු කරන්න බොහෝ දෙනා විවිධ ආකාර බෙහෙත් වර්ග සහ උපක්‍රම මෙන්ම ආහාර සීමා කිරීම් ද සිදුකරනවා.

මේ අතරින් ශ්‍රී ලංකාව තුළ මෑතකදී.බෙහෙවින් ජනප්‍රිය වූ ක්‍රමවේදයක් තමා දිනකට පැය 16 ක් නිරාහාරව සිට ඉතිරි පැය අටේදී පමණක් ආහාර ගැනීම.

Intermittent fasting නම් මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුණත් බොහෝ කාලයක් බටහිර රටවල අනුගමනය කළා. කෙටි කාලීනව මෙම ක්‍රමවේදයේ සාර්ථක ප්‍රතිඵල ලැබුණ ද දිගු කාලීනව එහි ප්‍රතිඵල අධ්‍යයනය කර තිබුණේ නැහැ.

නමුත් 2024 වසරේ මාර්තු මස චිකාගෝ නගරයේදී පැවති අමෙරිකානු හෘද රෝග සංගමයේ ( American Heart Association ) වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේදී මේ සම්බන්ධව සිදුකරන ලද පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී ප්‍රකාශයට පත් කරන ලද කරුණු පිළිබඳව මේ ක්‍රමය අනුගමනය කරන සියලු දෙනා සිය අවධානය යොමු කිරීම සුදුසු වනවා.

මෙම පර්යේෂණයට අනුව පැය 16 ක් ආහාර වර්ජිතව ඉතිරි පැය 8 දී පමණක් ආහාර ගැනී නිසා හෘද රෝග මඟින් මරණයට පත්වීමේ අවස්ථාව සඳහා 91% ක් පමණ අවදානමකට මුහුණ දෙන බව ප්‍රකාශ කොට තිබෙනවා.

එසේම හෘද රෝග ඇති පුද්ගලයන් දිනකට පැය 16 සිට 14 දක්වා කාලයක් ආහාර වර්ජිතව සිටින්නේ නම් හෘද රෝගයකින් හෝ මොළයට රුධිර සැපයීම අවහිර වීමෙන් මරණයට පත්වීමේ අවදානම 66% දක්වා ඉහළ යන බවත් මෙම පර්යේෂණයේදී අනාවරණය වූ බව ප්‍රකාශ කොට තිබෙනවා.

එසේම මේ අයුරින් ආහාර වර්ජනය කිරීම මගින් කිසිදු රෝගයකින් මිය යෑමේ හැකියාව අඩු කරන්නේ නැති බවයි එමගින් හෙළි වී තිබෙන්නේ.

*මෙහිදී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ ආහාර ගන්නා කාලය දිනකට පැය 16කට වඩා කාලයක් තුළ විටින් විට ආහාර ගන්නේ නම් පිළිකා රෝගීන් එම රෝගීන් මිය යාමේ අවදානම අඩුවන බවයි.

පර්යේෂණය කළ ආකාරය

මේ පර්යේෂණය සඳහා වයස අවුරුදු 20 ට වැඩි අමෙරිකාවේ පිරිමි සහ කාන්තාවන් සම ප්‍රමාණ වලින් යොදාගෙන තිබෙනවා. එමෙන්ම විවිධ ජන වර්ගයන්ද යොදාගෙන තිබෙනවා.

පර්යේෂණයට භාවිතා කරන ලද පුද්ගලයන් ප්‍රමාණය 20000 ක් පමණ වනවා. වසර 2003 සිට 2018 දක්වා කාලය තුළ මෙම පුද්ගලයන් පිළිබඳව නිරීක්ෂණය කොට තිබෙනවා.

බොහෝ වේලාවක් මේ අයුරින් නිරාහාරව සිටීම මගින් සිරුර ඇතුළත පරිවෘතීයීය ආතතියක් (Metabolic stress ) ඇතිවෙනවා.

එහිදී රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය අඩුවන අතර කෝටිසෝල් හෝමෝනය වැඩි වෙනවා. මේ හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම නිසි අයුරින් පාලනය කර ගැනීමට නොහැකි වන අතර ඉන්සියුලින් සඳහා වන ප්‍රතිරෝධය ද ඉහළ යනවා.

සිරුරේ දිගු මාංශ පේශි ක්ෂීන වීම, විඩා ගතිය සහ තයිරොක්සින් අඩු වීම මේ නිසා සිදුවිය හැකි බව පැවසෙනවා.

කෙසේ වෙතත් මේ පර්යේෂණයේ සාරාංශය හැර විස්තරාත්මකව තොරතුරු තවම ඉදිරිපත් කරලා නැහැ.

Uncategorized