මේ පුවත අද රටක් , ලෝකයක් සංවේදී කළ පුවතක් බවට පත්වුණා. ඔහුගේ පියා වෙනුවෙන් බොහෝ පිරිසකගෙන් සංවේදී සටහන් ඉදිරිපත් වුණා.
මේ ඒ අතර දැකගන්න ලැබුණු තවත් එක් කතාවක්.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක දුනිත්ගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සංවේදී සටහනක් තබා තිබෙනවා.
හිටපු ජනපතිවරයා තැබූ සටහන පහතින්.
“මාගේ පියා අහිමිවීම සිදුවන්නේ මට වයස අවුරුදු 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේදීය. ඒ වන විට මා පසු වූයේ මාගේ ජීවිතයේ ආරම්භක අවස්ථාවේය. එහෙත් වයස 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේ දරුවෙක් ලෙස ඔබ දිනා ඇති දේ බොහෝමයි.
අපගේ සිහින සැබෑ කර ගැනීමේ සතුට තම දෙමාපියන් සමඟ බෙදාගැනීමට ලැබෙන්නේ අතලොස්සකට පමණි. එහෙත් ඔබ එම අතලොස්සට අයත් වාසනාවන්ත පුතෙකි. අප සාර්ථක වන විට එම ජයග්රහණය දකින්නට ඒ ජයග්රහණය වෙනුවෙන් බොහෝ දේ කැපකළ ආදරණීය දෙමාපියන් නොමැතිවීම අපව වේදනාවට පත් කරයි. මම එය විඳ ඇත්තෙමි. මාගේ ජයග්රහණ හමුවේ දෙමාපියන්ව සිතින් සිහිපත් කර ඇත්තෙමි. එහෙත් ඉතාමත් තරුණ වයසින් ඔබේ දෙමාපියන් ඉදිරියේම ඔබ දිනා ගත් දේ බොහෝමයි. ඔබ මාතෘ භූමිය නියෝජනය කරමින් මේ රටේ සැමගේ සිහින, බලාපොරොත්තු සැබෑ කරනවා සේම ඔබේ පියාගේ පීතෘ සිහිනය ද මේ වන විටත් සැබෑ කර අවසන්ය. ඔබේ පියා ඉදිරියේ මාතෘ භූමිය නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් ක්රිකට් ලෝකයම දිනා අවසන්ය.
ඔබේ පියාගේ සැබෑ වූ සිහිනය තව දුරටත් ජීවත් කරවීමට නම් ඔබ මේ සියල්ලටම ශක්තිමත්ව මුහුණ දිය යුතු බව පියෙකු ලෙස මම ඔබට සෙනෙහසින් කියමි. මා ද ඇතුළුව ක්රිකට් ක්රීඩාවට ආදරය කරන මේ රටේ මෙන්ම ලෝකයේම ජනතාවගේ ආදරය සහ ආශිර්වාදය ඔබ සමඟ බව සිහිපත් කරමි.
එමෙන්ම සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව ප්රාර්ථනා කරමින් බිරිඳ ඇතුළු පවුලේ සැමට මාගේ බලවත් ශෝකය ප්රකාශ කරමි.
ආදරණීය දුනිත් වෙල්ලාලගේ, තවත් බොහෝ කල් ඔබේ පියාගේ සිහිනය ජීවත් කිරීමේ වගකීම ඔබට භාරය.”