Home දේශිය පුවත් ගැරඩිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකින් පෙරළේ… ජීවිත නැති වූ ගණන තවත් ඉහලට…

ගැරඩිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකින් පෙරළේ… ජීවිත නැති වූ ගණන තවත් ඉහලට…

0
187

UPDATE – 11.56 – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මියගොස් ඇති පිරිස අතරට පිරිමි පුද්ගලයින් 12ක් සහ කාන්තාවන් 05ක් අයත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

——————————————————————

UPDATE – 11.15 – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙම අනතුරින් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට සහ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

——————————————————————

UPDATE – 10.55 – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

——————————————————————

UPDATE – 09.23 – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ දක්වා එම අනතුරින් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇත.

——————————————————————

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් ඇත.

අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොත්මලේ පොලීසිය පැවසීය.

බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.

අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Previous articleජනප්‍රිය රංගන ශිල්පිණි සේමිනි ඉද්දමල්ගොඩ ඇසෙන හද කම්පා කරවන ආරංචිය මෙන්න.
Next article14 වන ලියෝ පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය නැරඹිමට යයි
error: Content is protected !!
Verified by MonsterInsights