Home දේශිය පුවත් හින්දි භාෂාව චතුරව හැසිරවිය හැකි සුප්‍රකට නිවේදකයෙක් දැ‍යෙන් සමුගනී..

හින්දි භාෂාව චතුරව හැසිරවිය හැකි සුප්‍රකට නිවේදකයෙක් දැ‍යෙන් සමුගනී..

0
1186
ඔහු මෙරට ගුවන්විදුලි ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් දිනාගත් නිවේදන ශිල්පියෙක්  සිය දිවිගමනින් සමුගෙන තිබෙනවා.

ගුවන් විදුලි සංස්ථාවේ හින්දි සේවයේ දශක ගණනාවක් පුරා අතිමහත් ජනප්‍රියත්වයක් දිනා සිටි ප්‍රවීණ නිවේදක අමරතුංග විජේසේකර මහතා මෙලෙස ඊයේ (24) අභාවප්‍රාප්ත වී තිබුණා.

ඉන්දියාව තුළ හින්දි සිනමා ගීත ප්‍රචාරය සීමා කර තිබූ අවධියක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හින්දි සේවය හරහා එම ගීත ඉන්දියාවට සමීප කරවීමට විජේසේකර මහතා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා.

මේ හේතුවෙන් ඔහු ලංකාවේ පමණක් නොව, ඉන්දියානු ශ්‍රවණ පරාසය තුළ ද අතිශය ආදරයට පාත්‍ර වූ නිවේදකයෙකු ලෙසයි සැලකෙන්නේ.

1943 ජුනි 27 වන දින උපත ලැබූ ඒ මහතා කෙටි කලක් රෝගාතුරව පසුවූ අතර, අද (25) පස්වරුවේ ගොඩිගමුව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.

Previous articleගෙදර මුදල්වලට මොනවා වෙනවාද දන්නේ නැහැ.. දන්නවාද මෙහෙම වෙන්නේ ඔබේ ගෙදර වැසිකිළිය නිසා කියලා.. ගෙදර මුදල් ඉතුරු කරගන්න නම් කරන්න ඕන පොඩිම පොඩි දෙයක්.
Next articleඇයගේ සුන්දරත්වයට උපමා කුමටද ? රටම පුදුම කරමින් මනාලියක් වූ දේශානි…
error: Content is protected !!
Verified by MonsterInsights