Home දේශිය පුවත් ඊට පසසේ වටයක් කැරකිලා තමයි දොර හොයා ගත්තේ. දෙන්නෙක් ඒ ආමි එකේ...

ඊට පසසේ වටයක් කැරකිලා තමයි දොර හොයා ගත්තේ. දෙන්නෙක් ඒ ආමි එකේ මහත්වරු අරගෙන ආවා…” මාදුරුඔය පතුලේ සැඟව ගිය ජීවිත ගැන හද කම්පා කරන කතාව මෙන්න.

0
179

සිද්ධිය ගැන තවමත් බොහෝ දෙනෙක් සිටින්නේ කම්පනයෙන්…

හය දෙනෙකුට මරු කැඳවමින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා… ඒ ඇසෙන කතා මැද මේ කියන්න යන්නේ ඒ මොහොතේ සිදුවුණු සිද්ධිය ගැනයි..

“මාදුරුඔය ජලාශයේ අපි ඔරුවලින් යද්දී චොපර් එකක් එකපාරටම පහත් වෙලා ජලාශයේ වැදී යට ගියා. පස්සේ අපි වතුර යටට ගිහින් සීට් බෙල්ට් කපලා රණවිරුවන් දෙන්නෙක් එළියට ගත්තා” යැයි මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 12 හෙලිකොප්ටර් යානයේ සිටි පිරිස මුදාගැනීමේ නිරත වූ සිවිල් වැසියකු වන සජිත් ප්‍රියන්ත ඊයේ පැවසුවා..

ජීවිත අවදානමක් තිබුණද ඒ ගැන නොසිතා අනතුරට ලක්ව සිටින රණවිරුවන් මුදාගැනීම සිය එකම අරමුණ වූ බවද ඔහු පැවසුවා..

තවදුරටත් කතා කළ සජිත් ප්‍රියන්ත පැවසුවේ මෙවැන්නක්..

“අපි ඔරු 3කින් එද්දී අපි දැක්කා චොපර් එකක් මාදුරුඔය ජලාශයට පහත් වෙනවා. කැම්ප් එකත් ළඟමයි තියෙන්නේ. ජලාශය මැද හරියේදී ආයේ චොපර් එක උස්සන්න හැදුවා. ඒ උස්සද්දී අපි දැක්කා අපේ මුහුණ ඉස්සරහම චොපර් එක ජලාශයට පහත් වෙනවා. ඒ එක්කම චොපර් එක වතුරේ වැදුනා. ඒ එක්කම චොපර් එකේ කෑලි ගැලවෙනවා දැක්කා. ඒකේ උඩ කැරකෙන පෙත්ත ගැලවිලා විසිවෙලා යනවත් දැක්කා. ඊටපස්සේ චොපර් එක වතුර යටට ගියා. ඊටපස්සේ මම අපේ කොල්ලන්ට කිව්වා අපි ගිහින් ඒ අයව බේරගමු කියලා. ඊට පස්සේ එතන හිටිය ආමි එකේ මහත්මයෙක්ගෙන් ඇහුවා උදව්වක් ඕනේද කියලා. ඊටපස්සේ ඔහු ඉන්න පොඩ්ඩක් කිව්වා. ඊට පස්සේ අපි බලාගෙන හිටියා. චොපර් එක වැටුණු තැන එයාලටත් හොයාගන්න බැරුව හිටියේ. පස්සේ වතුරේ තෙල් මතුවෙද්දී අපි කිව්වා චොපර් එක ඒ හරියේ තියෙනවා වගේ කියලා. ඊටපස්සේ අපි ගිහිල්ලා බැලුවා. එතන බලද්දී චොපර් එක එතැන තිබුණා. අපි ඇහුවා කීදෙනෙක් නැද්ද කියලා එතැන මහත්මයෙක් කිව්වා තුන්දෙනෙක් ගොඩට අරගෙන ගියා කියලා. එතන සිටි අය ලොකු විස්තරයක් අපිට කිව්වේ නැහැ. පස්සේ අපි වතුරට බැස්සා. බැහැලා යටගිහින් බැලුවා. බලද්දී අපිට චොපර් එකේ දොර හොයාගන්න බැරිවුණා. ඊට පසසේ වටයක් කැරකිලා තමයි දොර හොයා ගත්තේ. දෙන්නෙක් ඒ ආමි එකේ මහත්වරු අරගෙන ආවා. අපි ගිහිල්ලා යටවුණු කට්ටිය ෂීට් බෙල්ට් දාගෙන හිටියා. ගන්න බැරිවයි හිටියේ. පස්සේ අපි ෂීට් බෙල්ට් එක කැපුවා. කපලා තමයි අපි ඉතිරි අයව එළියට ගත්තේ”

Previous articleසුරූපි බුවිනිට එදා නම් සුවිශේෂි දවසක්… මේ ඒ ගැන ඇසෙන පුවත…
Next articleහිතන්න එපා මෑම්.. දවස් ටික ගෙවිලා යනවා ” යලි හමු නොවෙන සංසාරගත මිතුදමක් ගැන ඔහුගේ මිතුරියක් වූ ඈ ලියූ සංවේදී සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights