Home සයුරෙන් එහා පුවත් ඔවුන් මෙම පාසල ඉලක්ක කළේ ඇයි..? කඳුළු විලාප මැද ඉරාන පාසලකට එල්ලවූ...

ඔවුන් මෙම පාසල ඉලක්ක කළේ ඇයි..? කඳුළු විලාප මැද ඉරාන පාසලකට එල්ලවූ ප්‍රහාරය ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..

0
697
ඒ වුණු සිදුවීම නිසා තවමත් ලෝකයේ බොහෝ දෙනා සිටින්නේ කම්පාවෙන්.

අහිංසක දරුවන්ගේ ජීවිතය උදුරාගත් ඒ ප්‍රහාරයේ වරද භාරගන්න ඔවුන් සූදානම්ද..?

ඉරානයේ මිනාබ් (Minab) ප්‍රදේශයේ ගැහැණු ළමුන්ගේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් විශාල පිරිසක් මියයාමේ සිදුවීමට ඇමරිකානු හමුදාවන් වගකිවයුතු විය හැකි බවට ඇමරිකානු හමුදා විමර්ශකයින් විශ්වාස කරන බව ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹීමට හෝ විමර්ශන කටයුතු සම්පූර්ණ කිරීමට ඔවුන් තවමත් සමත් වී නැහැ.

මෙම ප්‍රහාරයට හේතු වූ සාක්ෂි මොනවාද, භාවිතා කළ අවි ආයුධ මොනවාද හෝ ඇමරිකාව මෙම පාසල ඉලක්ක කළේ මන්ද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට රොයිටර්ස් පුවත් සේවයට තවමත් නොහැකි වූ බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ.

ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) බදාදා දින පිළිගත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකානු හමුදාව විමර්ශනයක් පවත්වන බවයි.

Previous articleඑයා දාඩිය පෙරාගෙන ගලවලා දාපු ‘කිලිටි ටීෂර්ට් එකට’ ඔයා මෙච්චර ආස ඇයි කියලා දන්නවද? ගෑනු ළමයි හැමෝම කරන, හැබැයි කවුරුත් විද්‍යාත්මක හේතුව නොදන්න පට්ටම රහසක් මෙන්න
Next articleඑතකොට, ඉන්දියාවම කතාවුණු ඔවුන්ගේ වෙන්වීම බොරුවක්ද..? බච්චන් යුවල දෑත් පටලාගෙන එම උත්සවයට පැමිණෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights