මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනුකළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200 ක වංචාවට සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුව අවලංගු කරන ලෙස ඇය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණා.











