Home Uncategorized දන්නවද ? මේ ආහාර කනකොට අක්මාවේ තෙල් නිකන්ම දියවෙලා යනවා කියලා ?

දන්නවද ? මේ ආහාර කනකොට අක්මාවේ තෙල් නිකන්ම දියවෙලා යනවා කියලා ?

0
403

 

මුලින්ම අක්මාවේ ශරීර විද්‍යාත්මක ව්‍යුහය (Anatomical Structure ) සහ කාර්යභාරය සරලව විමසා බලමු..

අක්මාව ශරීරයේ උදර කුහරයේ දකුණු පසට වෙන්නට ,උරස් හා උදර කුහරය වෙන්වන සීමාවට පහළින් පිහිටා ඇත.

ශරීරයේ දෙවන විශාලතම ඉන්ද්‍රිය වේ.

නිරෝගී අක්මාව ත්‍රිකෝණාකාර, කිලෝග්‍රෑම් 1.5 ක් පමණ බර වන අතර රතු-දුඹුරු පැහැ වේ.

අක්මාව ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක වන අතර එයින් විශාල කාර්යභාරයක් සිදුවේ.

පරිවෘත්තීය ක්‍රියාවලට අවශ්‍ය හෝර්මෝන, ප්‍රෝටීන, ලවණ නිපදවීම.

ශරී⁣රයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම.

අක්මාව ආශ්‍රිතව බොහෝ රෝග තත්වයන් ඇති වුවත් අක්මාවේ නියමිත ප්‍රමාණය ඉක්මවා මේද තැන්පත් වීම පිළිබඳව සලකා බලනු ලැබේ…

අකමාවේ මුළු බර ප්‍රමාණයෙන් 5-10% ක පමණ ප්‍රමාණයක් මේද තැන්පත් වී තිබීම සාමාන්‍ය වේ

මේ ප්‍රමාණය ඉක්මවා තෙල් තැන්පත් වීම Fatty Liver නම් වේ. බොහෝ අයට විවිධ මට්ටම්වලින් මෙම⁣ රෝගය ඇති බව සැලකෙන නමුත් ඒ බව ඔවුන් නොදනී.

අධික මත්පැන් පානය කිරීම සේ සඳහා ප්‍රධාන හේතුව වන අතර ,එසේ නොවන අයගේද දැන් මෙම රෝග තත්වය ඇතිවෙමින් පවතියි, එයට පහත හේතූන් බලපායි.

දියවැඩියාව
අතිස්ථූලතාවය
අධි රුධිර පීඩනය
රුධිරගත මේදය වැඩි වීම
උදර, තට්ටම් ආදී ස්ථානවල මේද ස්ථරය සඳහා සිදු කරන රූපලාවන්‍යමය සහ ශල්‍යමය ප්‍රතිකාර.
කාලීනව භාවිතා කරන ඖෂධ වර්ග

මෙම තත්වය කාන්තාවන්ට වඩා පිරිමින්ට සුලබ වේ.

මෙම රෝගයේදී ඇතැම් අයට රෝග ලක්ෂණ නොපෙන්වන අතර ඇතැමුන්ට

වෙහෙස නොවී වෙහෙස දැනීම.
ආහාර අරුචිය
බඩ පුරවා දැමීම, ඔක්කාරය.
උදරයේ අක්මාව ඇති ප්‍රදේශයේ කැක්කුම.

මෙම මේද තැන්පත් වීමේ ප්‍රමාණය අනුව අදියර තුනක් (Grade I, II, III) ය⁣ටතේ වර්ග කෙරෙයි.

රුධිර පරීක්ෂා සහ ස්කෑන් පරීක්ෂණ මඟින් මෙම තත්වය පිළිබඳව තහවුරු කරගත හැක.

මෙම මේද තැන්පත් වීම නිසි ප්‍රතිකාර, ව්‍යායාම සහ නියමිත ආහාර සහ විහරණ අනුගමනය නොකිරීමෙන් එක් අදියරක් තවත් අදියරකට පත්වීම සහ අවසනදී සිරෝසිස් තතවයට පත් වීම සිදු විය හැකිය.

මෙම තත්වය වළක්වා ගැනීමට සිදු කළ යුතු දේ..

මත්පැන් සහ දුම් පානය නතර කළ යුතුය.
BMI අනුව ශරීරයේ බර පවත්වා ගැනීමට අදාළ ආහාර රටාවන් සහ ව්‍යායාම විධි අනුගමනය කළ යුතුය.
මාංශ වර්ග අනුභවය අවමකළ යුතුය.
ගැඹුරු තෙලේ බදින ලද ආහාර , සංතෘප්ත මේද වර්ග අඩංගු ආහාර වලින් වැළකිය යුතුය.( ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ඩෙවල් වර්ග, සෝස් වර්ග)
කේක් පුඩිං සහ වටලප්පන් වර්ග, අයිස් ක්‍රීම්, සියළුම කිරි ආහාර වර්ග
සීනි සහ පැණි රස ආහාර භාවිතය අවම කළ යුතුය.
සුදු සහල් බත් සහ බේකරි ආහාර(පාන් පිටි නිෂ්පාදන ආහාර) අවම කළ යුතුය.
හාර දිරවීමට ඍජුවම බලපාන මානසික සාධක වන ක්‍රෝධ, ඊර්ෂ්‍යාව , ශෝක, කාංසා වැනි මනෝභාවයන් ගෙන් මිදිය යුතුය.
ප්‍රමාණවත් රාත්‍රී නින්දක් ලැබිය යුතුයි. (රාත්‍රී වේලාසන නින්දට යාම සහ උදෑසන කලින් අවදි වීම.)
දිවා කාලයේ නිදා ගැනීමෙන් වැළකිය යුතුය.
සුදුසු ආහාර සහ පාන වර්ග
============================
හීනටි, සුවඳැල්, මඩතවාළු, පච්චපෙරුමාල් වැනි සහල් වර්ග පරිභෝජනය ඉතා සුදුසුය.

හීන් බෝවිටියා, පිටවක්කා, යකිනාරං, මොණරකුඩුම්බිය කොළවලින් , ඉහත සහල් යොදා පිසින කැඳ ඉතා සුදුසුය.

ගොටුකොළ, සාරණ, කිරිහැන්ද, කිරිඅගුණ, තම්පලා, මුගුණුවැන්න,ගිරාපළා ආදිය ආහාරයට එක් කර ගැනීම ඉතා සුදුසුය.

රාත්‍රී ආහාරයට වැටකොළු, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා , ගෝවා වැනි එළවළු වර්ග අමුවෙන් සහ තම්බා ආහාරයට ගැනීම ඉතා සුදුසුය.
පැළ මුං සකස් කර සම්බෝල ලෙස ,ව්‍යංජන ලෙස ගැනීම සුදුසුය.

තේ, කෝපි වෙනුවට රණවරා, බෙලිමල්, කොත්තමල්ලි තම්බා පානය ඉතා සුදුසුය.

සුදුළූණු සහ උළුහාල් තම්බා බීම ඉතා සුදුසුය.

අක්මාගත මේද තත්වය සඳහා ආයුර්වේද ප්‍රතිකාර

ඇතැම් අය BMI තුළ සිටියත්, ශරීර ප්‍රමාණයෙන් කෙසඟ වුවත් මෙම තත්වයෙන් පෙළිය හැකිය.

⁣මෙම තත්වය පළමු අවස්ථාවේ පවතී නම් ආහාර රටාව සහ ව්‍යායාම මඟින් සුව කරගත හැකිය.

වර්තමාන කාලයේ ඉතා ජනප්‍රිය හීන් බෝවිටියා කැඳ හෝ කොළකැඳ පානයෙන් පමණක් මෙම රෝගයේ තුන්වන අදියර සුව කර ගැනීම සිදු කරගත නොහැක.

දෙවන සහ තුන්වන අවස්ථාවන් සඳහා නිසි රෝග පරීක්ෂාවක් සිදුකර, නිසි ආහාර විහරණ රටා සහිතව ආයුර්වේද ඖෂධ ලබා ගැනීමෙන් සති 3-6 ක කාලයක් තුළ සම්පූර්ණ සුවය ලබා ගත හැකිය.

උපුටා ගැනිඉම [ අන්තර්ජාලය}

Previous articleහාට් ඇටෑක් එකක් එනකොට දැනගන්නේ කොහොමද ? කැක්කුම විතරද ? මේ ගැනත් දැනුවත් වෙන්න
Next article“සුන්දරම වේ යැයි පැතූ සියල්ල එක නිමේෂයකින් වෙනස් වු කතාවක්… සොබාදහම අපුරුවට ගලපනවා දැන්… වරද්දන්න හිතන්න වත් එපා…” – මැණික්ගෙන් සංවේදී සටහනක්…
error: Content is protected !!
Verified by MonsterInsights