සාමාන්‍යයෙන් ලොකු සමාගම්වල වටිනා ත්‍යාග සහ විශේෂ වරප්‍රසාද හිමිවන්නේ ඉහළ පුටුවල සිටින නිලධාරීන්ට පමණි. දැනටමත් ආර්ථික වශයෙන් ශක්තිමත් ඔවුන්ට මෙවැනි දෑ අලුත් දෙයක් නොවුණත්, Wild Cookbook හිමිකරු මේ සම්ප්‍රදාය උඩුයටිකුරු කර තිබේ.
තම ආයතනයේ සැබෑ ශක්තිය වන කෝකියන්ට සහ වේටර්වරුන්ට අලුත්ම මාදිලියේ iPhone 17 ජංගම දුරකථන ත්‍යාග කිරීමට ඔහු කටයුතු කර ඇත.
වැඩ කරන සේවකයාගෙන් උපරිම ශ්‍රමය ලබාගෙන ඔවුන්ව පීඩනයට පත් කරන ඇතැම් ව්‍යාපාරිකයන්ට මෙය කදිම පාඩමකි. දිවා රෑ නොබලා වෙහෙසෙන සාමාන්‍ය ශ්‍රමිකයාට ලැබුණු මෙම වටිනා ඇගයීම ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූවකි.
තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් දහඩිය හෙලන මිනිසුන්ව සතුටු කිරීම තරම් තවත් ජයග්‍රහණයක් නැති බව මේ තරුණයා සැබවින්ම ඔප්පු කර ඇත. සැබෑ වාසනාවන්තයින් පිරිසක් සිටින Wild Cookbook කණ්ඩායමට අපගේ උණුසුම් සුබපැතුම්!











