Home ජීවිතයට යමක් සිප ගැනීම හා සම්බන්ධ ඔබ නොදත් විශ්මිත කරුණු 11 ක් – ඔබ...

සිප ගැනීම හා සම්බන්ධ ඔබ නොදත් විශ්මිත කරුණු 11 ක් – ඔබ පුදුම හිතෙයි

0
784

සිප ගැනීම සහ ආදරය ගහට පොත්ත සේ එකට බැඳී පවතින්නක්. සිපගැනීම් පිළිබඳ අත්දැකීම සිය ජීවිත කාලය තුළ නොලබන කෙනෙක් නැතිතරම්. නමුත් ඒ පිළිබඳව ඔබ නොදැන සිටි කරුණු ඔබ වෙත මේ ලිපියෙන් ගෙන එන්නට සූදානම්.

01.ඔබ පළමු වතාවට යම් කෙනෙක් සිප ගන්නා විට, ඩොපමයින් (Dopamine) නම් වූ ස්නායු සම්ප්‍රේෂකය (Neurotransmitter) උත්තේජනය වෙනවා. එවිට ඔබට ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට නිසාම තව තවත් සිප ගැනීමට ඔබ තුළ දැඩි කැමැත්තක් ඇති වෙනවා.

02.දෙදෙනෙක් ආදරය කරන්නට පටන් ගන්නා මුල් කාලයේ කෑමක් බීමක් නොගෙන රැය පුරා නිදි නැතුව ඔහු හෝ ඇය ගැන සිතමින් සිටීම සාමාන්‍ය දෙයක්. මෙය සිදුවන්නේත් ඩොපමයින් (Dopamine) නම් වූ ස්නායු සම්ප්‍රේෂකය (Neurotransmitter) නිසයි. ආහාර රුචිය නැති වීම මෙන්ම නින්ද නොයෑමද ඩොපමයින් (Dopamine) නම් වූ ස්නායු සම්ප්‍රේෂකය උත්තේජනය (Neurotransmitter) නිසා සිදුවෙනවා.

03.ඔබ යම් කෙනෙක් සිප ගැනීමේදී ඔබගේ හද ගැස්ම වේගවත් වෙනවා. එමෙන්ම මොළයට වහනය වන රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ යනවා. මෙය මොළයේ ක්‍රියාකාරීත්වයට ඉතා හොඳයි.

04.කවුරුත් කැමතියි දිගු කාලයක් ජීවත් වෙන්නට, සිප ගැනීමෙන් ඔබගේ ආයුෂ වැඩි වන බව ඔබ මෙතෙක් නොදැන ඉන්නට ඇති. සිප ගැනීම මගින් ඔබගේ ආයු අපේක්ෂාව වැඩි වෙනවා. එයට හොඳම සාක්ෂිය වන්නේ රැකියාව සඳහා පිටත්ව යන විට තම බිරිඳ සිප ගන්නා පිරිමින් අවුරුදු 5ක් වැඩිපුර ජීවත් වෙන බව අධ්‍යනයකින් පෙන්වා දී තිබීමයි.

05.සමහර රටවල සිප ගැනීම නීතියෙන් තහනම් කර තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ මතය කුමක් වුවත් එයට හොඳම උදාහරණය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් කොටස් වල ගැනීම නීතියෙන් තහනම් කර තිබීමයි. හාට්ෆොඩ් සහ කනෙක්ට්කට් ප්‍රදේශවල ඉරිදා දිනයේ තම සැමියා සිප ගැනීම බිරිඳට තහනම් වන පරිදි අදටත් මෙම නීතිය ක්‍රියාත්මකයි.

06.ලෝකයේ සමස්ත ජනගහනයෙන් 90% ක් තරම් පිරිසක් සිප ගන්නා බව මානව විද්‍යාඥයින් ප්‍රකාශ කර තියෙනවා. නමුත් ඒ සියළු දෙනා එකම අකාරයට සිප ගැනීම නොකරන අතර එහි විවිධත්වයක් පවතින බවත් සඳහන් වෙනවා.

07.සාමාන්‍ය පුද්ගලයෙකු ඔහුගේ ජීවිත කාලයෙන් පැය 336 ක් සිප ගැනීමට වෙන් කරනවා.

08.2/3 ක් පමණ පිරිසක් සිප ගැනීමේදී හිස හරවන්නේ දකුණ පැත්තට බවයි වාර්තා වෙන්නේ. සිප ගැනීමේදී හිස හරවන දිශාව අපි මව් කුසේදී හිස හරවා ගෙන සිටින දිශාවටම බොහෝ විට සාමාන බවයි පැවසෙන්නේ.

09.ආලෝකය නැති විටදිත් එකිනෙකාගේ දෙතොල් හඳුනාගැනීමට උපකාරී වෙන ස්නායු මොළයේ පිහිටා තිබෙනවා.

10.පැය 58, මිනිත්තු 35, තත්පර 58 ක් වූ සිප ගැනීමකින් Ekkachai Tirsnarat සහ Laksana Tiranarat යුවල වැඩිම වෙලාවක් සිප ගැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කියනවා.

11.සිප ගැනීමේදී අනෙක් පුද්ගලයාගේ හුස්ම වල සුවඳ සහ දත් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වෙනවා. මෙය නැවත සිප ගැනිමට ඇති කැමැත්ත ඇති වීමට ප්‍රධාන සාධකයක්ද වෙනවා. මේ නිසා හොඳ මුඛ සෞඛ්‍යයක් ඇති කර ගැනීමත්, සිප ගැනීමට පෙර සුදු ළුණු වැනි ආහාර වලින් වැලකී සිටීමත් වඩාත් යෝග්‍යයි.

Previous articleගොරකා චුර්ණයෙන් බඩ අඩුකරගන්න හැටි මෙන්න
Next articleලොව වැඩිම පිරිවැයක් යොදා නිෂ්පාදනය කළ වැඩිහිටි චිත්‍රපට 10 මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights