Home තරු ගොසිප් අවුරුදු 17කට පසුව… චතූ රාජපක්ෂගේ ආදරණීය අම්මා එක්ක සතුටින් හිනාවෙන මොහොත..

අවුරුදු 17කට පසුව… චතූ රාජපක්ෂගේ ආදරණීය අම්මා එක්ක සතුටින් හිනාවෙන මොහොත..

0
826
රුවෙකුගේ ජීවිතයට සමීප චරිතය වෙන්නේ ඇගේ ආදරණීය අම්මා. ඇයට ඒ ආදරය, උණුහුම වසර ගණ්නනාවක් ලැබුණේ නැහැ.

ඒත් අද ඔන්න අවුරුදු 17කට පස්සේ චතූට ලෝබ නැතුව හිනාවෙන්න පුළුවන් දවසක් උදා වෙලා.. චතූ රාජපක්ෂ, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

චතූගේ ජීවිතයේ තිබුණු ලොකුම හිස්තැනක් ඔන්න අවුරුදු 17කට පස්සේ සම්පූර්ණ වෙලා. මෙන්න බලන්නකෝ ඇයගේ ආදරණීය අම්මා ලංකාවට ආව සතුටත් එක්ක චතූ එක්කරලා තිබුණ ඒ ආදරණිය සටහන..

“මේක දිග කතාවක්..
ඒත් කෙටියෙන් කියන්නම්.. හරියටම අවුරුදු 17කට පස්සේ තමයි අපි අපේ අම්මව මේ විදියට දකින්නේ. අම්මා ළග නැතුව අපි දරාගත්ත දේවල් හරි ගොඩයි.

පුංචි හිතකට දරාගන්න බැරිතරම් දුක් ගොඩාක් විදගෙන දරාගෙන තමයි අපි මේ ගමන ආවේ..

අම්මා රට ගියේ අපි වෙනුවෙන්. එයා අවුරුදු 17ක් තනියම රටකට වෙලා දුක්වින්දේ අපිව සතුටින් තියන්න..

මේ මොහොත එනකන් මං අවුරුදු ගානක් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා.. අපි මතක ඇතිකාලෙක එක ගෙදරක ජීවත්වෙලා නෑ..
කොහොමහරි අද ඒ දවස උදාවුනා…

අම්මේ ඔයා නැතුව මං හරි අමාරුවෙන් හිතේ ගොඩාක් දේවල් තියාගෙන හිටියා ඔයාට කියන්න… දැන් මටත් පුළුවන් මගේ අම්මත් එක්ක මගේ ජීවිතේ දුක සතුට හැමදෙයක්ම බෙදාගන්න..

මං හිනාවෙලා හිටියට මට මගේ ජීවිතේ කවුරු හිටියත් අම්මා නැති අඩුව මට හැමදාම දැනුනා..ආයි කවදාවත් මට ඒක දැනෙන එකක් නෑ..මං මේ ආව ගමන දුෂ්කර වුනාට හරිම පරිස්සමෙන් හරි ලස්සනට ආව ගමනක් කියලා අම්මත් එක්ක තේ එකක් බොද්දී කතාකරන්න දැන් මට පුළුවන්..

ඉතිං අමාරුවෙන් දරාගෙන හිටපු හැමදේම දැන් මට ඉස්සරහට දරාගන්න අමාරුවෙන එකක් නෑ..මොන දේ මොන විදියට සිද්දවුනත් මං දන්නවා මං හිත හයිය ශක්තිමත් කෙනෙක් කියලා..

ඉතිං ඉස්සර සමහර පුංචි පුංචි දේවල් වලට මට රිදුනානම් දැන් ඒවා මට ගානක්වත් නැතිවෙයි..

මොකද දැන් මටම කියලා මාව දරාගන්න කෙනෙක් ඉන්නවා..

අම්මේ.. ඔයා දුක් විදපු කාලේ ඉවරයි..

දැන් ඔයා රැජිණක් වගේ ඉන්න.. ඔයාව බලාගන්න මං ඉන්නවා..”

Previous articleවැඩි වුණු රන්මිලෙන් සහනයක්.. පවුමක නව මිල මෙන්න..
Next article“යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයට රන් පිටු අලුත් කළ වෛද්‍ය අභිරාමි – සරසවි බිමට අභිමානයක් වූ කතාව”
error: Content is protected !!
Verified by MonsterInsights