ගෑනු ළමයෙක් කිසිම වෙලාවක සීමා වෙන්න හොඳ නෑ.
ඇයත් තමන්ගේ ජීවිතය හඹා යන්න ඕන. ඇය ඒකට හොඳ නිදසුනක්.
මේ කියන්නේ කවුරු ගැන කතාවක්ද.? ඇය නමින් ශනුද්‍රි ප්‍රියසාද්. ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
සිනමා නිර්මාණ හරහා මේ දවස්වල අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙන මේ රංගන ශිල්පිනිය කා අතරත් ප්‍රසිද්ධ ප්‍රියසාද් පවුලේ බඩපිස්සිය විදියටයි.
කලාව කියන්නේ ශනූට අමුතු දෙයක් නෙවෙයි.
මොකද ඇගේ ලේවලින්ම කලාව ශනූට උරුම වෙච්ච දෙයක්. පුංචි කාලේ ඉඳලම රංගනයට, නිවේදනයට වගේම නර්ථනය , ගීත ගායනයට හපන්කම් දක්වන ඇය අද වෙනකොට තනිවම කලාව තුළ ලස්සන ගමනක් යනවා කියලා කියන්න පුළුවන්.
පසුගිය දිනක ශනූගේ උපන්දිනය යෙදිලා තිබුණා. මේ ගෙවී ගියේ ඇගේ 28 වැනි උපන්දිනය. මීට අවුරුදු දහයකට කලින් ඒ කියන්නේ හරියටම ශනූට වයස අවුරුදු 18දී ඇය හිටිය තැන සහ අද ඉන්න ඇය ඉන්න තැන ගැන ශනූට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් වෙලා.
ඉඳලා හිටලා මුහුණු පොතට මෙන්න මේ වගේ සටහනක් දාන ඇය මේ කියල තියෙන්නේ බොහොම පොඩි කතාවක් වුණාට, ඒකෙන් ඇත්තටම කියවෙන තේරුම නම් හරි විශාලයි.
“අවුරුදු 18 මං, අවුරුදු 28 මං ගැන සතුටු වෙනවා ඇති කියලා හිතනවා..” අම්මට තාත්තට වගේම, තමන්ගේ සහෝදරියන් දෙදෙනාට ආඩම්බරයක් වුණු ශනූ ජීවිතය ගැන පැහැදිලි අරමුණක් ඇති තැනැත්තියක් කියලා මෙන්න මේ කියන කතාවේ ඔප්පු වෙනවා නේද.?