සමාජ මාධ්‍යවල නිතර දෙවේලේ සැරිසරන්නේ එකිනෙකට වෙනස් කතා. මේ කතාවත් අන්න ඒ වගේ එකක්.
විදෙස් ගුවන් සේවයකින් ඇසෙන මේ කතාව නම් ඇත්තටම හරි ප්‍රේමණීයයි. අහම්බයකින් වගේ ගුවන් යානයක් තුළ සිදුවුණු මේ පුවත අද සමාජමාධ්‍යවල කාගේත් අවදානය දිනාගත්ත සිද්ධිය වෙලා.
ගුවන් නියමුවා මයික්‍රෆෝනය ක්‍රියාත්මකව තිබියදී වැරදීමකින් කියූ ඒ කතාව අසා එක් ගුවන් සේවිකාවක් පමණක් කලබල වුණේ ඇයි.? ඔබත් කැමති ඇති නේද ඒ කතාව දැනගන්න.
“අපි පැය භාගයකින් ගමනාන්තය වෙත ගොඩ බස්සනවා” කියලා නියමුවා හැමෝටම ඇහෙන්න නිවේදනය කළා…
ඊට පස්සේ ඔහුට මයික් එක ඕෆ් කරන්න අමතක වෙලා තිබුණා… ඉන් පසු ඔහු සහය නියමුවාට මෙහෙම කියනවා….
“ඉස්සරවෙලාම මම උණු තේ එකක් බොනවා… ඊට පස්සේ මම ඒක ගෙනාව ගුවන් සේවිකාවව සිපගන්නවා…”
මේක හැමෝටම ඇහුණ නිසා එක් ගුවන් සේවිකාවක් මයික් එක ඕෆ් කරන්න කියලා ගුවන් නියමුවාට කියන්න ඉස්සරහට දුවන්න පටන්ගත්තා…
ඒත් එයා දරුවෙකුගේ කකුලක හැප්පිලා වැටෙනවා…
දරුවා ගුවන් සේවිකාවගෙන් මෙහෙම අහනවා…
“ඇයි ඔයා මෙච්චර හදිස්සියේ දුවන්නේ… එයා ඉස්සර වෙලාම තේ එකක් බොනවා කියලනේ කිව්වේ..”












