Home දේශිය පුවත් “තාත්තා වෙනුවෙන් කරපු දේවල් වලට මගේ සහෝදරයෝ සම්බන්ධ වුණේ නෑ” – රනිල්...

“තාත්තා වෙනුවෙන් කරපු දේවල් වලට මගේ සහෝදරයෝ සම්බන්ධ වුණේ නෑ” – රනිල් මල්ලවාරච්චි කලකිරීමෙන් කියයි!

0
14

අමරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ පුත් රනිල් මල්ලවාරච්චි සිය මුහුණු පොතේ තැබූ සටහනක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබෙනවා.

1998 මාර්තු 10 වැනිදා තම පියා මෙලොවින් සමුගත් දා සිට ජීවිතයේ බොහෝ දේවලින් හෙම්බත් වී, සිත් රිදීම් මැද හැමදේම ඉවසාගෙන ජීවත් වූ බවයි ඔහු සිය සටහනින් පෙන්වා දෙන්නේ. තම පියා වෙනුවෙන්, පවුල වෙනුවෙන් සහ සමාජය වෙනුවෙන් මෙතෙක් කල් බොහෝ දේ කළද, තම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයෙකු ඒ කිසිවකට තමන් සමඟ සම්බන්ධ වී නොමැති බවත් ඔහු සඳහන් කරනවා.

රනිල් මල්ලවාරච්චි තැබූ සම්පූර්ණ සටහන…

“මම 1998 මාර්තු 10 වෙනිදා මගේ තාත්තා නැති උන දවසේ ඉඳලා ජිවිතේ ගොඩක් දේවල් වලට හෙම්බත් වෙලා ගොඩක් දේවල් වලට හිත රිදිලා හැමදේම ඉවසාගෙන ජිවත් වුනු කෙනෙක්..රනිල් මල්ලවාරච්චි කියන්නෙ, මෙච්චර කාලයක් පුරාවට මම තාත්තා වෙනුවෙන් දේවල් කරා. මගේ පවුලටත් සමාජයටත්. හැබැයි මම ඒ කරපු කිසිම දෙයක් මාත් එක්ක මගෙ පවුලේ සහෝදරියන් දෙදෙනෙක් හා සහෝදරයෙක් සම්බන්ධ වෙලා නෑ, මල්ලවාරච්චි පවුලේ ප්‍රශ්න හාරලා හොයලා ඒවා රසවිඳින මිනිස්සු දැන් ගොඩක් ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා මට තේරුම් ගන්න පුළුවන්…

මම තාත්තා වෙනුවෙන් කරපු චිත්‍රපටය නිසා. ඒ වගේම පව්ලෙ අය මේ සම්බන්ධයෙන් හැසිරෙන විදිය දැක්කාම ඇත්තටම මට විශාල කලකිරීමක් ඇති වෙලා තියෙනවා. තවත් ඒ අයට ඕනේ විදියට දේවල් කර ගන්න පුළුවන්… හැබැයි අදින් පස්සේ මම නිශ්ශබ්ද නෑ කියලා මම මේ පෝස්ට් එක දානවා, මොකද මම මෙච්චර කාලයක් උඩ බලාගෙන කෙල ගහ ගන්න බැරි නිසා ඉවසුවා, එයාලගෙ හැසිරීම් මගේ තාත්තා වෙනුවෙන් වෙන්නෙ මෙහෙම නම් දැන් ඇති මේක. අනුන්ගේ කුණු වලින් ගොඩ යන්න දගලන මිනිස්සු කිහිපදෙනෙක් ඒ අය එක්ක සම්බන්ධ වෙලා මා එක්ක තියෙන ඉරිසියාව කුහකකම නිසා ඇරියස් කවර් කර ගන්න උත්සාහ කරන බව පේනවා.,, ඉතින් අදින් පසුව සත්‍ය විස්තරය මම සමාජයට කියන්න සුදානම්….”

Previous articleතට්ටේ පෑදෙන එකට අඩපු කාලේ ඉවරයි! දින 28න් කෙස් වවන චීනයේ අලුත්ම මැජික් පනාව ගැන ඇසෙන සුභ ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights