Home දේශිය පුවත් තාත්තා කැමති වුනේ නෑ තාත්තගේ රස්සාව මම කරනවට.. එයා කිව්වේ...

තාත්තා කැමති වුනේ නෑ තාත්තගේ රස්සාව මම කරනවට.. එයා කිව්වේ මේ ටේප් එක නම් අතට ගන්න එපා කියලා..තාත්තට සුපිරිම උපන්දින තෑග්ගක් දුන්න පුංචි දොස්තර මහත්තයාගේ කතාව …

0
72

තාත්තා කැමති වුනේ නෑ මම තාත්තගේ රස්සාව කරනවට.. එයා මට කිව්වේ මේ ටේප් එක අතට ගන්න එපා කියලා..
තාත්තට සුපිරිම උපන්දින තෑග්ගක් දුන්න පූංචි දොස්තර මහත්තයා..

සමාජ මාධ්‍ය ජාලා තුළ මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන අපූරු සටහනක් තරුණ වෛද්‍යවරයෙකු වන කලණ දිල්ෂාන් විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුනා.

දරුවෙකුගේ සාර්ථකත්වය දකින විට දෙමාපියන්ට දැනෙන ආඩම්බරය මෙන්ම, දරුවෙකු තම දෙමාපියන්ගේ කැපකිරීම් සිහිපත් කරන අයුරු ඉතා අපූරු ලෙස මෙම සටහනින් මනාව කැපී පේනවා.

තම පියාගේ උපන්දිනය වෙනුවෙන් ඔහු පළ කළ එම සම්පූර්ණ සටහන තමයි මේ..
”තාත්තා කවදාවත් කැමති උනෙ නෑ මේ tape එක මම කරට දාගන්නවට, ඉදිකටුව අරගෙන මහනවට…

එත් මම පුංචි කාලෙ ඒ දේවල් තාත්තා මට කියලා දුන්නෙ නැතත් මම බලාගෙන ඉදලා තනියම ඉගෙන ගත්තා. මට sewing machine එකෙ වුනත් මහන්න පුළුවන්.

පොලොන්නරුවෙ මම මුලින්නම Gyn & obs appointment එක කරනකොට තමා දැන ගත්තෙ අපිටත් tape එකක් ඕනෙ කියලා.

ඊට පස්සෙ මම තාත්තට call කරලා කිව්වා තාත්තෙ මට ඔයාගෙ tape එකක් ඔනෙ කියලා. ඊට පස්සෙ තාත්තා ඇහුවා ඔයාට මොකටද tape කියලා. මම කිව්වා තාත්තෙ ඔයා රෙදි මනිනවා වගෙ අපිටත් මනින්න දෙවල් තියනවා, බබාලා ලැබෙනන් ඉනන් අම්මලගෙ fundal height එක, චූටි බබාලෙ දිග, ඔලුවෙ වට ප්‍රමානය, එක එක ඇගෙ එන ගෙඩි වර්ග වල දිග, ඔපරේෂන් කැලැල් වල දිග… මේ වගෙ ගොඩක් දේවල් මනින්න ඔනෙ.. ඕක තිබ්බෙ නැත්තම් sir අපිව ward එකෙන් එලියට දානවා කියලා…

එතකොට තාත්තා කිව්වෙ එහෙමද අලුත් ඒවා තියනවා එකෙන් එකක් ගන්න ඔයා ආවම කියලා.

තාත්තාට මාව තවත් Tailor කෙනෙක් කරනන ඕනෙ උනෙ නෑ. එත් එයා හැම වෙලේම මගෙ කැමැතත්ට ඉඩ දුනා. එයාගෙ shop එකෙ machine වල මහන එක හැර කවදාවත් කිසිම දෙයක් කරන්න එපා කියලා නෑ. මට දැන් හිතෙනවා එයා කෙලින් නොකිව්වට මම shop එකට ඇවිත් එක එක වැඩ කරනවාට එයා ලොකු කැමැත්තක් තිබ්බෙ නෑ කියලා.

කොහොම හරි එයා අකමැති දේ මම කලේ නෑ. Tape එක මම කරෙ දාගත්තෙ නැති වුනාට මම steth(වෙද නලාව) එක කරට දාගත්තා, එයා ඉදිකටුවෙන් රෙදි මහනකොට මම ඉදිකටුවෙන් sutures (මිනිස් සිරුරෙ කොටස් වලට මැහුම් දාන්න) දාන්න ඉගෙන ගත්තා.

හැමෝම කියනවා එයාගෙ තාත්තා තමා හොදම කියලා.
මම කියනවා මගෙ තාත්තා තමා ඒ ඔක්කෝටම වඩා හොද කියලා.

මට ජීවිතේටම එක පාරයි එයා ගහල තියෙන්නෙ ඒ මම චුටි කාලෙ වැරැද්දක් කරලත් නෙවෙ එයාට දුක හිතිලා (මාව දන්න අය ඒ කතාව දන්නවා) එදායින් පස්සෙ අද වෙනකම්ම මට අතවත් උස්සලා නෑ, උබ කියලාවත් කවදාවත්ම කියලා නෑ අඩුම තරමෙ නම කියලවත් කතා කරන්නෙ නෑ ‘පුතෙ’ කියනවා ඇරෙනන්ඩ.

මේ මොහොතෙත් එයා මම වෙනුවෙන් වැඩ.
මම හිතනවා එයා මම ඉන්න තැන දැකලා සතුටු වෙනවා කියලා.

මගෙ ගමන තව ඉවර නෑ ගොඩක් දුර යන්න තියනවා.
මම කරන පුංචි දෙයකිං හරි තාත්තයි අම්මයි සතුටු වෙනව නම් එක තමා මගෙත් සතුට…..♥️

එයා ගැන කියනවනම් ගොඩක් දේවල් කියන්න තියනවා අදට ඇති.

මේ post එක මම ඊයෙ තමා upload කරන්න හිටියෙ (14)
Happy Birthday තාත්තෙ❤️”

— කලණ දිල්ෂාන් —

තම පියාගේ දහඩිය මහන්සියෙන් ගොඩනැගුණු ලෝකය අස්වැද්දූ මේ තරුණ වෛද්‍යවරයාගේ සටහන අද බොහෝ දෙනෙකුගේ දෑස් තෙත් කරන්නක් වී තිබේ. දෙමාපියන්ගේ බලාපොරොත්තු වෙනුවට දරුවන්ගේ කැමැත්තට ඉඩ දෙමින්, ඔවුන් උස් මහත් කළ ආදරණීය පියවරුන්ට පුදන අපූරු උපහාරයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

Previous articleරටක් වෙනුවෙන් දහඩිය හලපු, අද අසරණ සතුන් සහ එක්තැන් වුණ අම්මා වෙනුවෙන් ජීවිතේම කැප කරපු ජාතික ක්‍රීඩිකා එරන්දි ගාල්ලගේ කඳුළු කතාවයි මේ..
Next articleලක්ෂ ගණන් වියදම් කරලා පාටි දාන කාලයක ශලනි තාරකා උපන්දිනය දාපු අගනා වැඩේ… හැමෝම අගය කළ යුතු අපූරු මොහොතක්!”
error: Content is protected !!
Verified by MonsterInsights