Home දේශිය පුවත් අම්මේ,මම දින්නා අම්මෙ. මට ඔයා ගැන ත රහක් නෑ, ඒත් මින් ඉස්සරහට...

අම්මේ,මම දින්නා අම්මෙ. මට ඔයා ගැන ත රහක් නෑ, ඒත් මින් ඉස්සරහට ඔයා ඕනි වෙන එකක් නෑ. වයස අවු 12 දී මව දරුවන් අතහැර ගියත් රත්තරන් තාත්තා නිසා ලෝකය දිනූ දියණියගේ කදුළු කතාව..

0
72

ආදරණීය අම්මාට, මට අවුරුදු 12ක් වගේ පුංචි, කිසිවක් හරිහැටි තේරුම් ගන්න බැරි වයසකදී අම්මා අපිව දාලා යද්දී, මට දැනුණේ මගේ මුළු ලෝකෙම එක තැන නතර වුණා වගේ හැඟීමක්. ඒ වයසේ දරුවෙකුට අම්මා කෙනෙක්ගේ ආදරය, රැකවරණය කොච්චර ඕනෙද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒත් ඔයා ගියාට පස්සේ මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා.

එදා ඉඳන් අද වෙනකම් මගේ තාත්තා මාවයි අක්කවයි හදාගන්න කොච්චර නම් දුක් වින්දද කියලා වචනවලින් කියලා නිම කරන්න බැහැ අම්මේ. සමහර දවස්වලට තාත්තා හිනාවෙලා හිටියත්, ඒ හිනාව පිටිපස්සේ තිබුණු මහන්සිය, වේදනාව මම පුංචි කාලේ ඉඳන්ම ටිකෙන් ටික තේරුම් ගත්තා. “අම්මා නැහැ” කියන අඩුව අපිට නොදැනෙන්න තාත්තා අම්මා කෙනෙකුගෙයි තාත්තා කෙනෙකුගෙයි භූමිකා දෙකම එකට අරගෙන සටන් කළා.

ඒ හැම අභියෝගයක්ම, හැම කඳුළක්ම පහු කරගෙන අද මම ජීවිතේ යම් තැනකට ඇවිත් තියෙනවා අම්මේ. ඇත්තටම මට දැන් ඔයා ගැන කිසිම තරහක්, වෛරයක් නැහැ. ඒ හැමදේම දැන් මට සාමාන්‍ය දේවල් වෙලා. ඒත් මින් ඉස්සරහට මගේ ජීවිතේ ඉදිරි ගමනට ඔයා ඕනේ වෙන එකක් නැහැ. කොහොම වුණත් මාව මේ ලෝකෙට බිහි කරපු එකට ඔයාට පින්.

ආදරණීය රත්තරන් තාත්තට, අම්මා අපිව දාලා ගිය දවසේ ඉඳන් අද වෙනකම් විඳපු හැම දුකකටම, හැම කැපකිරීමකටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. තාත්තට පුළුවන් විදියට, කරන්න පුළුවන් හැම දෙයක්ම තාත්තා අපි වෙනුවෙන් කළා. තමන්ගේ ආසාවන්, සතුට පවා පැත්තකට දාලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප වෙන තාත්තා කෙනෙක් තමයි සැබෑම වීරයෙක්.

මේ ලෝකේ දරුවෙකුට තමන්ගේ දෙමව්පියෙකුට දෙන්න පුළුවන් උපරිම සතුට මම ඊයේ තාත්තාට දුන්නා කියලා මට හිතෙනවා. ඒ සතුට, ඒ ආඩම්බරය මම ඊයේ තාත්තාගේ ඇස්වලින් හොඳටම දැක්කා තාත්තේ. ඒ ඇස්වල තිබුණු කඳුළු සහ සතුට තමයි මගේ ජීවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහණය.

නොවිඳිනා දුක් විඳලා, මහන්සි වෙලා මාව මේ තැනට ගෙනාවට, මගේ හෙවණැල්ල වගේ හැමදාම ළඟින් හිටියට ඔයාට මම හැමදාමත් ණය ගැතියි තාත්තේ. බුදු සරණයි, දෙවි පිහිටයි මගේ රත්තරන් තාත්තේ! ❤️🙏

(නිසංසලා සඳමාලි මුහුණුපොතේ තැබූ සටහනක් ඇසුරිනි)

Previous articleඅන්තිම මොහොතේ හරි මතක් වුණු එක ලොකු දෙයක්.. ඒකත් එයාමයි මතක් කළේ!” – බිරිඳගේ උපන්දිනේ අමතක වුණු සජිතගෙන් බුවීට ආදරණීය සමාවක්!
Next article“සමහර ප්‍රාර්ථනා හිතේ නිහඬවම ඉපදිලා දවසක ලස්සනට සැබෑ වෙනවා…” දස්පෙතියා මල් 100ක් පූජා කල නිෂිනිගේ සංවේදී සටහන මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights