Home තරු ගොසිප් අන්තිම මොහොතේ හරි මතක් වුණු එක ලොකු දෙයක්.. ඒකත් එයාමයි මතක් කළේ!”...

අන්තිම මොහොතේ හරි මතක් වුණු එක ලොකු දෙයක්.. ඒකත් එයාමයි මතක් කළේ!” – බිරිඳගේ උපන්දිනේ අමතක වුණු සජිතගෙන් බුවීට ආදරණීය සමාවක්!

0
67

“හොඳ වෙලාවට දවස ඉවර වෙන්න කලින් මතක් වුණේ.. ඒකත් එයාමයි මතක් කළේ!” බිරිඳ බුවීගේ උපන්දිනේ අමතක වුණු සජිතගෙන් ආදරණීය සමාවක්!

සජිත ඇන්තනී කියන්නේ අපේ රටේ කලා ලෝකයේ ඉන්න ආදරණීයම චරිතයක්නේ. නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ සුන්දර අවස්ථා රසිකයෝ එක්ක බෙදාගන්න ඔහුට හැමෝම වගේ හරිම ආදරෙයි. අද, ඒ කියන්නේ නොවැම්බර් 17 වැනිදා සජිතගේ ආදරණීය බිරිඳ බුවීගේ උපන්දිනේ. හැබැයි මේ උපන්දිනේ දවසේ සජිතගේ ෆේස්බුක් ගිණුමේ පළවුණු සටහනක් නිසා හැමෝගෙම අවධානය මේ දෙන්නා දිහාවට යොමුවෙලා තියෙනවා.

වැඩේ කියන්නේ මේ තරම් ආදරේ කරන බුවීගේ උපන්දිනේ සජිතට අද අමතක වෙලා! හොඳම දේ කියන්නේ සජිතට උපන්දිනේ මතක් කරලා දීලා තියෙන්නෙත් බුවීම තමයි. මේ ගැන කියමින් සජිත ලස්සන ෆොටෝ ටිකක් එක්ක අපූරු ආදරණීය සටහනකුත් මුහුණුපොතට එක්කරලා තිබුණා.

සජිත ඒ සටහනේ ලියලා තිබුණේ මෙන්න මේ වගේ සංවේදී කතාවක්.

“සමහර බැඳීම් කල් යන්න යන්න අපේ ආත්මයටම සමවැදෙනවා.. මුලින් ඔයා, එයා කියලා ප්‍රථම පුරුෂයෙන් හඳුන්වපු ඒ බැඳීම ශක්තිමත් වෙන්න වෙන්න මම, අපි වගේ උත්තම පුරුෂයෙන් හඳුන්වන්න ගන්නවා.. ඊටත් පස්සේ ඉතින් එයා මමම වෙනවා. මේ ජීවිතේ තරාදියක් නම් මුළු ලෝකෙම එක පැත්තක හිටියත් දැන් මම කියලා හඳුන්වන එයාටයි මටයි අනික් පැත්තේ තනියම හිටගෙන බර සමාන කරන්න පුළුවන්. ඒ තරම් දැන් ‘මම’ (අපි දෙන්නා) ශක්තිමත්.”

ඊටපස්සේ සජිත හරිම අපූරුවට තමන්ගෙන් වුණු මේ “ලොකුම වැරැද්දට” බුවීගෙන් සමාව අරගෙන තිබුණා.

“කාර්යබහුල ජීවිතේ හැම දේකින්ම ඔළුව පිරුණම මට ඔක්කෝටම කලින් අමතක වෙන්න පුළුවනුත් මාවම තමයි. කෙලින්ම කියන්නම් අද මගේ නෝනගෙ උපන්දිනේ 11.17 මට අමතක වුණානේ. හැබැයි මගේ හිතට කිමිදිලා බැලුවොත් එයා තමයි මගේ මුළු ජීවිතේම. ඒක එයා දන්නවා. හොඳ වෙලාවට දවස ඉවර වෙන්න කලින් මතක් වුණේ. ඒකත් එයාම තමයි මතක් කළේ. මේ අවුරුද්දේ අන්තිමටම wish කළේ මමලු. ඒකට සමාවන සේක්වා!!” කියලා සජිත හරිම ආදරණීය විදිහට තමන්ගේ මැණිකේට සුබ උපන්දිනක් ප්‍රාර්ථනා කරලා තිබුණා.

කොහොම වුණත් සජිතගේ මේ ආදරණීය සටහනට නම් මේ වෙද්දිත් ෆේස්බුක් එකේ ලොකු ප්‍රතිචාරයක් ලැබෙමින් තියෙනවා. උපන්දිනේ අමතක වුණත්, වැඩ රාජකාරි අස්සේ සජිත බුවීට කොච්චර ආදරේද කියලා මේ සටහනෙන් ඕනෑම කෙනෙක්ට තේරෙනවා ඇති. ඉතින් බුවීට අපිත් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු!

 

Previous articleපොල්කොට වේදිකාවෙන් ඇරඹී වේදිකාවේ දැවැන්තයෙක් වූ සරත් කුලාංග වසර 50ක කලා දිවිය ගැන කියූ අපූරු කතාව මෙන්න.
Next articleඅම්මේ,මම දින්නා අම්මෙ. මට ඔයා ගැන ත රහක් නෑ, ඒත් මින් ඉස්සරහට ඔයා ඕනි වෙන එකක් නෑ. වයස අවු 12 දී මව දරුවන් අතහැර ගියත් රත්තරන් තාත්තා නිසා ලෝකය දිනූ දියණියගේ කදුළු කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights