Home තරු ගොසිප් ලක්ෂ ගණන් වියදම් කරලා පාටි දාන කාලයක ශලනි තාරකා උපන්දිනය දාපු අගනා...

ලක්ෂ ගණන් වියදම් කරලා පාටි දාන කාලයක ශලනි තාරකා උපන්දිනය දාපු අගනා වැඩේ… හැමෝම අගය කළ යුතු අපූරු මොහොතක්!”

0
70

ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂතම වගේම ලස්සනම රංගන ශිල්පිණියක් විදියට ශලනි තාරකා ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව දිනාගත්ත ශලනිගේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබුණා.

බොහෝ ජනප්‍රිය තරු තමන්ගේ උපන්දිනය ලොකු සාද පවත්වමින් සමරද්දී, ශලනි මෙදා සැරේ තමන්ගේ උපන්දිනය සැමරුවේ හරිම පින්වත් විදියටයි. ඒ, ඇගේ උපන්දිනයට සමගාමීව උතුම් දානමය පුණ්‍යකර්මයක් සංවිධානය කරමින්.

මේ දානමය පිංකමේ අවස්ථා කිහිපයක් සමාජ මාධ්‍ය වෙත එක් කරමින් ඇය එහි මෙලෙස සටහනක් ද තබා තිබුණා.

“ඊයේ මගේ උපන්දිනය වෙනුවෙන් සිදුකෙරුනු දානමය පිංකම… නන් අයුරින් සහය වුන සැමට ස්තුතියි..”

කලා ක්ෂේත්‍රයේ හිතමිතුරන්ගෙන් වගේම ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගෙනුත් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට උණුසුම් සුබපැතුම් ගලාගෙන එනවා. ඉතින් මේ විදියට නිහතමානීව උපන්දිනය සැමරූ ආදරණීය ශලනිට, ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා!

Previous articleතාත්තා කැමති වුනේ නෑ තාත්තගේ රස්සාව මම කරනවට.. එයා කිව්වේ මේ ටේප් එක නම් අතට ගන්න එපා කියලා..තාත්තට සුපිරිම උපන්දින තෑග්ගක් දුන්න පුංචි දොස්තර මහත්තයාගේ කතාව …
Next articleපොල්කොට වේදිකාවෙන් ඇරඹී වේදිකාවේ දැවැන්තයෙක් වූ සරත් කුලාංග වසර 50ක කලා දිවිය ගැන කියූ අපූරු කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights