Home දේශිය පුවත් කොල්ලෝ 24 යි , කෙල්ලෝ දෙන්නයි.. බුකියෙන් යාළුවෙලා.. පිදුරුතලාගල රක්ෂිතයේ වාඩි ගහලා...

කොල්ලෝ 24 යි , කෙල්ලෝ දෙන්නයි.. බුකියෙන් යාළුවෙලා.. පිදුරුතලාගල රක්ෂිතයේ වාඩි ගහලා , ජොලි කරලා.. අන්තිමේ වෙච්ච දෙයින් දවල් තරු පෙනිලා..

0
8944

මුහුණු පොත භාවිත කරනවා නම් ප්‍රවේශමෙන් කියන්නේ මෙන්න මේවා නිසා තමයි..

මුහුණු පොතින් දැන හඳුනාගෙන නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනකු අධිකරණය හමුවේ ඊයේ (25) එම වරද පිළිගත් බැවින් දඬුවම් නියම කිරීම ඔක්තෝබර් මස 16 වැනිදා දක්වා කල් තැබීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙණෙවිය නියෝග කළාය.

සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් 07 වැනි දින පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් ප්‍රදේශයට ඇතුළු වී කඳවුරු බැඳ අවට ගිනි මැල දල්වා සිටින බවට ලද තොරතුරකට අනුව නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණි.

අවුරුදු 25ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් 26 දෙනා අතර තරුණියෝ දෙදෙනෙක් ද සිටියහ. එම සැකකරුවන් ගාල්ල, පාණදුර, කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රදේශවල අය බවත්, එම පිරිස මුහුණු පොත හරහා හඳුනාගෙන මෙහි පැමිණ ඇති බවත් විමර්ශනයේදී අනාවරණය විය.

නුවරඑළිය දිසා වන නිලධාරී පරාක්‍රම වනිගසිංහ මහතාගේ අධීක්ෂණයෙන්, නුවරඑළිය අඩවි වන නිලධාරී එච්. එන්. එස්. නිස්සංක, බීට්ටු වන නිලධාරී මේනක කරුණාරත්න, ක්ෂේත්‍ර සහායකවරුන් වන ඒ. ජී. එම්. විමලරත්න, ඕ. ජී. උපාලි, ටී. එම්. ප්‍රසාද්, බන්දුල වීරසිංහ, යූ. එස්. බී. දිසානායක සහ කම්කරු උදයකුමාර් මෙහෙයුමක් ආරම්භ කර සැකකරුවෝ අත්අඩංගුවට ගත්හ.

දිනමිණ

Previous articleසිනමා ශාලාවකදී නීල්ට හමුවුණ විජය සූරයෙක් වෙන්න ඉල්ලපු අමුතු විදිහ.
Next articleඔබෙත් උපන් ලප තිබෙනවද ? මෙන්න බලන්න උපන් ලපෙන් කියැවෙන ජිවන තොරතුරු හරියට දැනගන්න.
error: Content is protected !!
Verified by MonsterInsights