ලංකාවේ ජනප්‍රියතම ශිෂ්‍යත්ව උපකාරක පන්ති දේශකවරියක් වන ආචාර්ය Hayeshika Fernando ගුරුතුමිය විසින් මෙවර ශිශ්‍යත්ව විභාගයේ දක්ශතා දැක්වූ හපනුන් ඇගයීමේ උත්සවයක් Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පසුගිය 20 වන දා පැවැත්වුනා. Queens Education Group ආයතනය විසින් සංවිධානය කල මෙම ඇගයිම් උළෙල පැවැත්වුනේ 4 වන වරටය.
ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු කියන්නේ මේ වෙද්දි ලංකාවෙම ඉතාමත් ජනප්‍රිය හා ගෞරවනීය ටියුශන් ගුරුවරරියක්. ඇය එසේ වීමට හේතුව ඇය දරුවන් කෙරෙහි දක්වන නොනිමි ආදරයි. මේ නිසාම අද වෙද්දි ඇයට “ටීචර් අම්මා” යන brand name එකද ඇයගේ පන්තියට සහභාගි වන දරුවන් විසින්ම ලබාදී තිබෙනවා.
මෙවර මෙම ඇගයිම් උළෙල අදියර 2 ක් යටතේ පැවති අතර, ශිශ්‍යත්වය සමත් දරුවන් 6,000 කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වී තිබුනා. එම සෑම දරුවෙකුටම සම්මානයක් වගේම පදක්කමක් හා සහතිකපත්‍ර ප්‍රධානය කිරීම මෙහිදී සිදුවුනා.
පැමිණි පනස්දහසකට අදික සංඛ්‍යාත දරු දැරියන් හා දෙම්ව්පියන් ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු ගුරුතුමිය සමග සුහද කතාබහකද නිරත වී ඡායාරූප ද ලබා ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රාය විය. තවද කුඩා දරුවන් ඇයට තුරුළුවීමට උත්සහ කිරීම දේශකවරිය හා දුවාදරුවන්ට ඉතාමත් සංවේදී අවස්තාවක් වුනා.
ඒ වගේම ආදරණීය දරුවන් ට සහ ආදරණීය දෙමාපියන්ට උපහාරයක් ලෙස වෙනත් වසර වල මෙන් මෙවරත් උඩුගුවනේ සිට ලබා දුන්” ආදරණී මල් වැස්ස” කාගෙත් ආදරයට සහ ප්‍රශංසාවට ලක්වුණා.
