Home දේශිය පුවත් 96 අපේ කොල්ලෝ පරිස්සමෙන් ගෙදරට එක්කන් ආපු ‘ කැප්ටන් සුරාජ් ‘ ඔබට...

96 අපේ කොල්ලෝ පරිස්සමෙන් ගෙදරට එක්කන් ආපු ‘ කැප්ටන් සුරාජ් ‘ ඔබට සුබ ගමන්..!

0
56

 

ඒ දවස කාටවත් අමතක කරන්න නොහැකි දවසක්.

ඒ 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහනයෙන් පසුව එම කුසලානය සහ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ සිට මව්බිමට රැගෙන පැමිණි එයාර් ලංකා ගුවන් යානාවේ (L-1011) නියමු කුටියේ සිට ලබාගත් ඡායාරූපය.

මෙම යානාවට කැප්ටන් සුරාජ් එදා සම්බන්ධ වෙන්නෙ සහායක නියමුවා හැටියට.

ඒ කැප්ටන් සුනිල් වෙත්තමුනි එම ගුවන් ගමනෙහි ප්‍රධාන නියමුවා හැටියට කටයුතු කරද්දි.

ඉතින් ගුවන් සේවයට විශිෂ්ට සේවයක් ඉටුකළ මේ ජ්‍යේෂ්ඨ ගුවන් නියමු කපිතාන් සුරාජ් වීරසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එයාර් ලංකා ගුවන් සේවයේ පළමු නිළදාරී ගුවන් නියමුවෙකු ලෙස සේවය කළ කපිතාන් සුරාජ් පසුව කටාර් සහ එටිහාඩ් යන ගුවන් සේවා වල සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේද කපිතාන්වරයෙකු සේවය කළා.

ගුවන් සේවයට විශිෂ්ට සේවයක් ඉටුකළ ජ්‍යේෂ්ඨ ගුවන් නියමු කපිතාන් සුරාජ් වීරසේකර ඔබට සුබ ගමන්…

 

Previous articleනැවත නැවත මම කියන්නේ දැන් මම ජනතාවට අයිති මිනිහෙක්… මට ලොකු විශ්වාසයක් තියෙනවා. මම හැකි ඉක්මනින් නැගිටිනවා…” සුවහසක් හදවත්වල ශක්තියෙන් යළි පණ ලබන ඔහු..
Next articleඒ නම් හරි ලස්සන නිවාඩුවක්.. අම්මියි, තාත්තියි එක්ක පුංචි මැණික මේ කොහේද ගිහින් තියෙන්නේ..?
error: Content is protected !!
Verified by MonsterInsights