අභිෂේකා විමලවීර, ඇය ලාංකික කලා කෙතට පෑයූ තරුවක්..
සුන්දරත්වය, හැකියාව අඩුවක් නැති ඇය කලාවට ප්‍රවේශ වෙන්නේ ඇගෙ පියාගෙන් ලද අභාසයෙන් කිව්වොත් හරි..
ඉතින් කලාවේ දුර ගමනක් යන්න පෙරුම් පිරූ ඇයට අද ඒ දේ කරන්න පුළුවන් වෙලා..
ඒත් ඇය ළඟ එදා තනි නොතනියට හිටිය ඒ තාත්තා, එහෙම නැත්නම් ඇගේ ශක්තිය අද ඇය ළඟ සජීවීව නැහැ..
කොහොම වුණත් ඔහු නැති ඒ අඩුව ඇයට මේ වෙද්දී හොඳටම දැනෙනවා ඇති, අදටත් ඉඳහිට අභී අතින් ලියැවෙන මේ කවි ඒකට හොඳ සාක්ෂියක්..
“ගව් ගානක දුක කියන්න
පඩි ගාණක හති අරින්න
උරහිස උඩ හිස තියාන
මගේ නිහඬ හඬ අහන්න
පෑරුණු තැන් සුව කරන්න
තව ගව් දාහක් දුවන්න
දෙවියනි තත්පර හැටකට
තාත්තාව ගෙනත් දෙන්න!
තාත්තාව ගෙනත් දෙන්න….
තාත්තාව ගෙනත් දෙන්න…..
බේබි…”
















