Home Uncategorized කාලා තියෙනවද රස නහර පිනවන මක්ලූබා රයිස් එක, කටට රහට හදාගන්නේ මෙහෙමයි

කාලා තියෙනවද රස නහර පිනවන මක්ලූබා රයිස් එක, කටට රහට හදාගන්නේ මෙහෙමයි

0
111

 

කාලෙන් කාලෙට එක එක විදියේ රයිස් ජාති ජනප්‍රිය වෙනවා…

ඉතින් කාලයක් පුරාවට ලෝකේ හුගක් ජනප්‍රිය වෙච්ච මක්ලූබා රයිස් එක ගැනයි අද කියලා දෙන්න හදන්නේ…

මේක නම් ගොඩක් රස රයිස් එකක් යාළුවනේ … අපි බලමුද හදන්නේ කොහොමද කියලා…

අවශ්‍ය ද්‍රව්‍ය :

ගැඹුරු තෙලේ බැදගත් කැරට් ගෙඩි 02

ගැඹුරු තෙලේ බැදගත් වම්බටු ගෙඩි 02

ගැඹුරු තෙලේ බැදගත් අලගෙඩි 02

ගැඹුරු තෙලේ බැදගත් මල් ගෝවා 01 cup

රටලූනු ගෙඩි 02

කුකුල් මස් 500g

බාස්මති හාල් 02 cups

බේ කොළ 02

කුරුදු 1 inch

ඉගුරු සහ සුදුලූනු 02 tea spoon

ගම්මිරිස් 01 tea spoon

මිරිස් කුඩු 02table spoon

තුනපහ 01 tea spoon

කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි ½ tea spoon

ලුනු 02 tea spoon

තෙල්

වතුර 04 cups

සාදන ආකාරය :

පියවර 01 :
මුලින්ම අවශ්‍ය කරන සියලුම දේ ලෑස්ති කර පසෙකින් තබන්න.

හාල් හොදින් සෝදා එයට තුනපහ කුඩු සහ කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි, දියලුණු ස්වල්පයක් දමා කලවම් කර පසෙකින් තබා ගන්න

පියවර 02 :
භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දාන්න.

රත් වූ තෙලට තලාගත් ඉගුරු සුදුලූනු, කපා ගත් ලූනු , කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි ,ගම්මිරිස්,ලුනු, මිරිස් කුඩු,කහ තුනපහ දමා තෙලෙන්ම බැදෙන්න දෙන්න. කර කර ගන්න එපා.

පියවර 03 :
තුනපහවල පාට වෙනස් වී හොද සුවදක් එනවිට කුකුල් මස් ටික දමා හොදින් කලවම් කරන්න.මිනිත්තු 3ක් පමණ තබා එය තරමක් බැදුන විට වතුර කෝප්ප 2 ක් එකතු කර තැම්බෙන්නට හරින්න. (එහි ඇති හොදි ගතිය තියෙද්දීම ලිපෙන් බා ගත යුතුය)

පියවර 04 :
මස් කරිය ලිපෙන් බාගෙන එහි ඇති හොදි වෙනත් බජනයකට පෙරා පසෙකින් තබා ගන්න.

ඉන්පසුව ඉතුරු මස් කැබලි ටික මතට බැදගත් අල ,කැරට්,වම්බටු ,මල් ගෝවා,අතුරා ගන්න.

පියවර 05 :
අවසානයට තුනපහ දමා පසෙකින් තබාගත් හාල් ටික මස් සහ එළවලු මිශ්රදණයට දමා එයට උඩින් ඉතිරි හොදි ටික සහ වතුර කෝප්ප 2 දමා පිසගන්න

පියවර 06 :
මෙම බත ප්ලේන් යෝගට් සමග ආහාරයට ගැනීමෙන් වැඩි රසයක් ලබා ගත හැක.

උපුටාගැනීමකි.

Previous articleඔයත් ටැටූ ගහපු කෙනෙක්ද ? ටැටූ ගහන්න හිතාගෙන ඉන්නවද ? එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන්ම බලන්න
Next articleනහර ගැට ගැසීම කියන්නේ මේ තරම් රෝග ගොඩකට මූලික ලක්ෂණයක් කියලා මීට කලින් ඔයාලත් දැන සිටියාද
error: Content is protected !!
Verified by MonsterInsights