Home Uncategorized ඔයත් කෑම කනකොට කාගෙන කාගෙන යන කෙනෙක්ද ? එහෙනම් මේ ලිපිය ඔයාට…

ඔයත් කෑම කනකොට කාගෙන කාගෙන යන කෙනෙක්ද ? එහෙනම් මේ ලිපිය ඔයාට…

0
95

 

ඔයත් කෑම කන්නේ හරිම වේගයෙන්ද ? එහෙමනම් මේ ලිපිය කියවන්න කියලා ඉල්ලන්නවා… ඔයා දන්නවද සෙමින් ආහාර ගැනීමේ වාසි ගැන ?

ආහාර තෝරා ගැනීමේදී පෝෂණය පිළිබඳ සිතන තරමටම ආහාර ගන්න ක්‍රමය ගැනත් සැලකිලිමත් වීම වැදගත්. පැයකටත් වැඩි කාලයක් ආහාර පිසීමට ගත වුවත් විනාඩි 5ක් වැනි සුළු කාලයකදී ආහාර ගන්න හුරු වී ඇති අපේ ජීවන රටාව නම් එතරම් සුවදායක නොවන බව කිව යුතුමයි.

සෙමෙන් ආහාර ගන්න

ආහාර කටට ගත් විට එකවර ගිල දැමීමට වඩා සෙමෙන් සපමින් ආහාර කැබැලි කර ගැනීම දිරවීමේ ක්‍රියාවලියටද පහසුවක්. ආහාර රසවිඳිමින් හොඳින් සපමින් ආහාර ගැනීමෙන් මානසිකවද තෘප්තිමත් බවක් ලැබිය හැකියි.

දිරවීම පහසුයි

බත් හෝ වෙනත් යම් දෙයක් ආහාරයට ගන්නා විට කුඩා කැබලි වන තෙක් හොඳින් සපා ආහාරයට ගැනීම ආහාර ජීර්ණ ක්‍රියාවලියට හිතකරයි. ශරීරයට සැහැල්ලු බවක් මින් ලැබිය හැකි වන අතරම ආහාර වැඩිපුර ගැනීමද සීමා කරවයි.

ආහාර අඩුවෙන් ගැනීම

සෙමෙන් ආහාර සපන විට ඔබ ගන්නා ආහාර ප්‍රමාණය සීමා වෙයි. ඉක්මනින් ආහාර ගන්නා විට නොදැනීම වැඩිපුර ආහාර ප්‍රමාණයක් ශරීරගත වෙයි. සෙමෙන් කෑම සපන විට වැඩි වේලාවක් ගත වන නිසා එය ප්‍රමාණවත් බවට මොළයට සංඥාවක් ලැබෙයි. මේ හේතුවෙන් ආහාර ගැනීම සීමා වන අතරම තරබාරු බව වළක්වා ගැනීමටත් මෙය කදිම පිළියමකි. ආහාරයට ඇති රුචිය මඳක් අඩු කිරීම නිසා අධිකව ආහාර ගැනීම පාලනය වන බැවින් සැහැල්ලු ජීවන රටාවකට ඔබට හුරු විය හැකියි.

උපුටාගැනීමක්
මව්බිම

Previous articleදත් කැක්කුම් සුව කරන කොලෙස්ටරෝල් නැති කරන පිළිස්සු සුදු ළූණු ගෙඩියක වටිනාකම ඔබත් දැන සිටියාද
Next articleලස්සන වෙන්න කැමති ඔබට ගුණදායක වෙරළු ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights