Home Uncategorized ලස්සන වෙන්න කැමති ඔබට ගුණදායක වෙරළු ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න

ලස්සන වෙන්න කැමති ඔබට ගුණදායක වෙරළු ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න

0
45

 

වෙරළු ගැමි ජනතාව අතර ඉතා ප්‍රචලිත පලතුරක්…

මෙම ශාකය පැරණි සෑම නිවසකම දෑකිය හැකියි….

අද කාන්තාවන් මෙම පලතුරට එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.. පැරණි කාන්තාවෝ සහ ළමයි වෙරළු අච්චාරුවට ප්‍රිය කළා…

විශේෂයෙන්ම ගර්භනී සමයේදී මූල් මාස කිහිපයේ ඇතිවන කෑම අරුචිය නිසා වෙරළු අච්චාරු කෑමට ප්‍රිය කරනවා දකින්න පුළුවන් …

සැබවින්ම වෙරළු විටමින් සී වැඩිපූර අන්තර්ගත පලතුරක් මෙන්ම වෙරළු උෂ්ණ ගුණයද සහිත පලතුරක්. වෙරළු අම්ල ගුණය නිසා අමූවෙන් ආහාරයට ගැනීමෙන් උගුර අමාරු ඇතිවිය හැකි අතර අමූවෙන් අච්චාරු ලෙස ආහාරයට ගැනීමෙන් පිත, රුධිරය අපිරිසිදු වීම වගේම ශරීරයේ බිබිලි ඇති වෙන්න පුළුවන්…

ආමාශ්‍රදාහය (ග්‍රැස්ට්‍රයිටිස්) ඇති පූද්ගලයින්ට වෙරළු ආහාරයට ගැනීම සූදුසූ නොවන බව මතකයේ තබාගත යූතුයි. එහෙත් අමූ වෙරළු වලට කුසගින්න වර්ධනය කිරීමේ හැකියාව තිබෙන බව දන්නවාද?

හොඳින් පැසී ඉදුණූ වෙරළු වලට ශරීරයේ සෙම් ගතියද අඩූකිරීමේ හැකියාව තිබෙන බව ආයූර්වේදයේ සඳහන් වේ. ඔබට මූදල් වැය නොකර ලස්සන වන්නට හැකි බව දන්නවාද?

වෙරළු කොළ හොඳ රූපලාවන්‍ය ඖෂධයකි. වෙරළු කොළ පංච කල්‍යාණියෙන් එක් අංගයක් වන කේශ කල්‍යාණියට ඉතාමත් හිතකරයි..

වෙරළු කොළ තම්බා එම ජලයෙන් හිස සේදීමත් කොළ කොටා එම යූෂ හිසේ ගැල්වීමෙන් පිරිසිදු හා සිනිඳු දීප්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමටත් හේතුවේ. එමෙන්ම ඔබට නිතර වද දෙන හිස්හොරි වලටද මාහැඟි ඔසූවක්…

අපි වෙරළු ගෙඩිය නොසලකා හරින අතර වැඩි මිලක් දී මිදි කෑමට පූරුදු වී ඉන්නවා..

මිදිවල තිබෙන ගුණය වෙරළු ගෙඩිය තුළත් තිබෙන බව අමතක කරන්න එපා. මෙම පලතුර ඕනෑම පූද්ගලයකුට සූදුසූයි…

උපුටාගැනීමක්

Previous articleඔයත් කෑම කනකොට කාගෙන කාගෙන යන කෙනෙක්ද ? එහෙනම් මේ ලිපිය ඔයාට…
Next articleඅදහාගන්නත් බැරි විශ්මිත ගුණ රැසක් ගෙන දෙන බණ්ඩක්කා ඔබේ කෑම වේලට නිවැරදිව එකතු කරගන්නේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights