Home Uncategorized වාහනවල යනකොට ඔයාටත් වමනේ යනවද ? තෙහෙට්ටුවද ? එහෙනම් මෙන්න විසඳුම..! මේ...

වාහනවල යනකොට ඔයාටත් වමනේ යනවද ? තෙහෙට්ටුවද ? එහෙනම් මෙන්න විසඳුම..! මේ ක්‍රම ටික කරලා බලන්න

0
129

ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් බස් වල ටික දුරක් යෑමේ දි වමනය යෑම.. දුර ගමනක් යන්න ඕනි උනාම ෆාමසියකට ගිහින් පෙති ගන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ. පෙති ගත්තාම වෙන්නේ නින්ද යන එක නේ. අපි ටිකක් වෙනස් වෙමු. ගොඩක් දුරට වමනය යන්නේ නිතර බස් වල යන්නේ නැති අයට. වමනය යන්නේ පිත වැඩි නිසා. වමනය යන අය ඉන්නවා නම් මම අද කියන දේ කරලා බලන්න. අත්දැකීම් කියන්න.

උදේ පාන්දර බොන්න හොඳ ඇල් වතුර එකක්. තෙල් , පිටි නැතිව කිරට උයපු ඵළවලුවක් එකක් හොදට බත් කන්න. උදේට පිටි කිරි, තේ, කහට බොන්න එපා. බස් එකේ ටික දුරක් යන විට වමනය යන්න වගේ එනවා නම් ඇස් දෙක පියා ගන්න. සිංදුවකට හිත යොමු කරන්න. නැති නම් තමන් කැමති දෙයක් පිලිබඳව මතක් කරලා හිත වෙන පැත්තකට යවන්න.

බස් එකෙන් බැස්ස ගමන් හොඳ සිනි ටිකක් අඩු තේ එකක් බොන්න. පසුව බත්, පාරාට, ඉඳිආප්ප, වගේ දෙයක් කන්න. තෙල් කෑම සොට්ස් කෑම කන්න එපා. දැන් ඕනි දුරක් යන්න පුළුවන්. නිදාගන්න ඔිනි නැහැ බස් එකේ විනෝද චාරිකාවක් යනවා නම් ගෙදරින් කෑම හදා ගෙන යන්න. දෙහි ගෙඩි ටිකක් අරගෙන මිරිකලා ඒ ඉස්මට නිවුන උණු වතුර රස අනුව සිනි ලුණු එකතු කරලා බිම එකක් හදා ගෙන ශිතකරනයේ තියෙන්නේ නැතිව පිරිසි කොප්ප එකක් විතර බොන්න. ඉතුරු ටික බොතලයට දාගෙන සැරින් සැරේ බොන්න.

මේ ක්‍රම දෙකම සාර්ථකයි. ඔයා ලත් අත්හදා බලන්න.. අත්දැකීම් අපිට කියන්න. අනිත් යාළුවන්ටත් මේ දේ දැනගන්න හැකිතාක් ශෙයා කරන්න.

(සැකසුම් – වසන්ති රම්‍යලතා)

Previous articleබඩ අඩු කරන ලෙඩ සුව කරන විශ්මිත වූ උණු වතුර සත්කාරය ගැන ඔබත් දැනගන්න
Next articleකොලෙස්ටරෝල් මට්ටු කරන ඔබ අනිවාර්යයෙන්ම දැනගතයුතු අත්දුටු සිංහල බෙහෙතක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights